22.7 C
Sri Lanka
Saturday, July 31, 2021

කෘෂිකර්ම අමාත්‍යංශයේ නව ලේකම් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක

කෘෂිකර්ම අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් වූ එම්.බී.රෝහණ පුෂ්පකුමාර මහතා අද(12) කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

නිරීක්ෂණ චාරිකාවේදී ඒ මහතා දෙපාර්තමේන්තුවට අයත් ආයතන රැසක රාජකාරි කටයුතු පිළිබදව අවධානය යොමු කළේය.

ජාතික කෘෂි තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථාන රැස්වීම් ශාලාවේදී කෘෂිකර්ම අංශයේ ප්‍රධානීන් සමග සාකච්ඡාවකට ද ඒ මහතා එක්විය.

එහිදී ගුවන් විදුලි ගොවි සේවාවේ කදුරට ඒකකය ලේකම්වරයාගේ විශේෂ අවධානයට ලක් වූ අතර ඒකක පරිශ්‍රයට පැමිණි ඒ මහතා විශේෂ සාකච්ඡාවකට ද එක්විය.

එහිදී එම්.බී.රෝහණ පුෂ්පකුමාර මහතා විසින් පළ කළ අදහස් හෙට දිනයේ (13)රංගිරි ගුවන් විදුලියෙන් ප්‍රචාරය වන බොරදිය මංකඩ කෘෂි ගුවන් විදුලි වැඩසටහනෙන් ඔබ වෙත ඉදිරිපත් කෙරේ.

Latest news

- Advertisement -spot_img

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here