28.5 C
Sri Lanka
Friday, April 23, 2021

කෘෂිකර්ම අමාත්‍යාංශයේ නව ලේකම්වරයා සුභ මොහොතින් රාජකාරි අරඹයි…

කෘෂිකර්ම අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එම්.බී.රෝහණ පුෂ්පකුමාර මහතා සුබ මොහොතින් රාජකාරි ඇරඹීය.

මෙම තනතුරට පත්වන්නට පෙර ඒ මහතා ගාල්ල හා නුවරඑළිය යන දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස කටයුතු කළ  ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකි.

කොළඹ සහ කැලණිය විශ්ව විද්‍යාලයන්හි විද්‍යාර්ථයෙක් වන  පුෂ්පකුමාර මහතා සහකාර මැතිවරණ කොමසාරිස්වරයෙකු ලෙස රාජ්‍ය සේවයට එක් වුණේ 1996 වසරේදී යි.

එතැන් පටන් මේ දක්වා පරිපාලන සේවයේ කීර්තිමත් රාජ්‍ය නිලධාරියෙකු ලෙස රාජකාරිය ඉටුකළ ඒ මහතා ආයතන රැසක අත්දැකීම්වලින් පරිපූර්ණ විශිෂ්ට රාජ්‍ය නිලධාරියෙකි.

Latest news

- Advertisement -spot_img

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here