කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කුණ්ඩසාල, පැල්වෙහර,අගුණකොළපැලැස්ස හා වව්නියාව යන කෘෂිකර්ම විද්‍යාලවල ඩිප්ලෝමා පාඨමාලා හැදෑරූ සිසුන් සදහා සහතික පත් ප්රදානය කිරීම අද සිදු කෙරුණි.
ඒ කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි.
2013-2015 වසරවල මෙම ඩිප්ලෝමා පාඨමාලාව සම්පූර්ණ කළ සිසුන් සදහා මෙලෙස සහතික පත් පිරිනැමීම කුණ්ඩසාල කෘෂිකර්ම විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි.
මෙහිදී කෘෂිකර්ම විද්‍යාලවල කෘෂිකර්ම නිෂ්පාදනය හා තාක්ෂණය පිළිබද උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරූ සිසුන් 213 දෙනෙකු සදහා සහතික පත් ප්රදානය කෙරුනු බව එම ස්ථානයේ සිටින කෘෂි එෆ් එම් මාණ්ඩලික වාර්තාකරු සදහන් කළේය.
NVQ 6 මට්ටමේ සහතික පත් මොවුන්ට පිරිනැමුන අතර, එම මට්ටමේ සහතිකපත් මෙලෙස පිරිනැමෙන්නේ ප්‍රථම වතාවට වීම විශේෂත්වයකි.
මෙහිදී ඩිප්ලෝමා පාඨමාලාවෙන් ඉහළම දක්ෂතා දැක්වූ සිසු සිසුවියන් හට පදක්කම් පිරිනැමීම ද සිදු විය.
මේ අතර මීට සමගාමීව කුණ්ඩසාල කෘෂිකර්ම විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකළ නව පරිපාලන ගොඩනැගිල්ල ද කෘෂිකර්ම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.
මිලියන 65 ක ප්‍රතිපාදන යටතේ ඉදිකළ මෙම නව පරිපාලන ගොඩනැගිල්ල කෘෂිකර්ම විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන සිසුන්ට අවශ්‍ය පහසුකම් රැසකින් සමන්විත වේ.
මේ අවස්තාන සදහා කෘෂිකර්ම අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරුන්, කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් ආචාර්ය රොහාන් විජේකෝන්, නව පරිපාලන ගොඩනැගිල්ල ඉදිකිරීම සදහා අධාර ලබා දුන් නෙදර්ලන්ත රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනිය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්යක්ෂ ජනරාල්වරුන් හා සිසුන්ගේ දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.