අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගනයේදී පැවති එන්ට්රප්රයිසස් ශ්‍රී ලංකා ව්‍යවසායකත්ව ප්‍රදර්ශන භූමියේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාවට නංවන යහපත් කෘෂිකාර්මික පිළිවෙත් හෙවත් ගැප් වැඩසටහන පිළිබදව ජනතාව දැනුවත් කිරීමට කටයුතු කෙරිණි.
මෙහිදී යහපත් කෘෂිකාර්මික පිළිවෙත් අනුගමනය කරමින් ගුණාත්මක එළවළු හා පළතුරු නිපදවීම පිළිබදව ජනතාව දැනුවත් කිරීමට කටයුතු කෙරිණි.
එමෙන්ම, ගැප් සහතිකපත් ලබා ගැනීම පිළිබදව සහ ගැප් එළවළු හා පළතුරු අපනයනය පිළිබදව ජනතාව දැනුවත් කිරීම ද මෙහිදී සිදු විය.
ප්‍රදර්ශන භූමියට පැමිණි ජනතාව නිර්මාණාත්මකව හා ප්‍රායෝගිකව දැනුවත් කිරීමට කටයුතු යොදා තිබීම ද විහේෂත්වයක් විය.