කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තුළ පවතින තනතුරු පුරප්පාඩු සදහා අයදුම්පත් කැදවීම ලබන අගෝස්තු මාසයේදී සිදු කරන බව කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් ආචාර්ය රොහාන් විජේකෝන් මහතා ප්‍රකාශ කලේය.
ඊයේ දිනයේ කුණ්ඩසාල කෘෂි විද්‍යාලයේදී පැවති කෘෂි විද්‍යාලවල ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරූ සිසු සිසුවියන් හට ඩිප්ලෝමා සහතිකපත් ප්රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අධ්යක්ෂ ජනරාල්වරයා මේ බව සදහන් කළේය.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම උපදේශකවරුන්, පර්යේෂණ සහකාරවරුන් බදවා ගැනීම සදහා මෙලෙස අයදුම්පත් කැදවන බව මෙහිදී අදහස් දක්වමින් රොහාන් විජේකෝන් මහතා කියා සිටියේය.
මේ වන විට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තුළ කෘෂිකර්ම උපදේශකවරුන් 340 දෙනෙකු සදහා සහ පර්යේෂණ සහකාරවරුන් 150 දෙනෙකු සදහා පුරප්පාඩු පවතින බව මෙහිදී අධ්යක්ෂ ජනරාල්වරයා පැවසීය.
එමෙන්ම පළාත් සභාවල තාක්ෂණික සහකාරවරුන් සදහා පුරප්පාඩු 500 ක් පවතින බව ද මෙහිදී රොහාන් විජේකෝන් මහතා සදහන් කළේය.
එමෙන්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට බැදී වසර 05 ක් සේවය කළ කෘෂිකර්ම උපදේශකවරුන් සදහා විශ්ව විද්‍යාලවලට ඇතුළුවීමේ අවස්ථාව ද සලසා ඇති බව මෙහිදී කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළේය