කෘෂිකාර්මික කටයුතු වල නිරතව සිටින විට නිරන්තරයෙන් කාලගුණික වෙනස්වීම් පිළිබඳව අවධානයෙන් සිටිය යුතුය.
ඒ සඳහා වන කෘෂි කාලගුණික පූර්ව නිවේදන මේ වන විට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.
ඒ අනුව ඉදිරි දින 10ත් 12ත් අතර කාලයේදී දිවයින පුරා වියළි කාලගුණික තත්වයක් පැවතීමේ වැඩි විභවයක් ඇත.
අපර භාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී දිවයිනේ තැනින් තැන ගිගුරුම් සහිත ධාරානිපාත හෝ සාමාන්‍ය වැසි තත්වයක් කෙටි කාලයක් තුළදී ඇති විය හැකිය.
එහෙත් මෙම වර්ෂා තත්වයන් පිළිබඳව නිවරැදි ස්ථානීය පුරෝකතනයන් ලබාදීමට අපහසු බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටී.
ක්ෂේත්රයේ බිම් සකස් කිරීම සඳහා වැසි ජලය යොදා ගෙන වාරි ජලාශ වල දැනට පවත්නා ජලය හැකිතාක් සකසුරුවම් ලෙස භාවිතයට ගැනීම සුදුසු බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.