කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පුරප්පාඩුවී පවතින තනතුරු කිහිපයක් සඳහා මේ දිනවල අයදුම්පත් කැඳවේ.
ඒ අනුව ගොවිපල් ලිපිකරු, බීජ කාර්මික සහ මී මැසි ප්‍රදර්ශක යන තනතුරු වල III වන ශ්‍රේණිය සඳහා සීමිත ඛණ්ඩය යටතේ බඳවා ගැනීම් සිදු කරනු ලබයි.
එමෙන්ම ගොවිපල් ලිපිකරු හා බීජ කාර්මික යන තනතුරු වලද III වන ශ්‍රේණිය සඳහා විවෘත ඛාණ්ඩය යටතේ බඳවා ගැනීම් සිදු කිරීමට නියමිතය.
අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය 2020 දෙසැම්බර් මස 15 වන දිනයි.
මේ පිළිබඳව වැඩිදුර තොරතුරු සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doa.gov.lk වෙත පිවිසීමෙන් ලබා ගත හැකිය.