ආර්ථික වශයෙන් ඉදිරියේදී වෙළඳපොල තුළ ඉහළ වටිනාකමක් හිමිකර ගත හැකි එළවළු බෝග වර්ගයන් වගා කිරීමට ගොවීන් යොමු වීම ඉතාමත් වැදගත් වේ.
මේ පිළිබඳව අවධානය යොමු කරමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බෝග පුරෝකතන ඒකකය විසින් දෙසතියකට වරක් බෝග පුරෝකතනයන් නිකුත් කරනු ලබයි.
ඒ අනුව දෙසැම්බර් මස 06 වන දින සිට 20 වන දින දක්වා වන බෝග පුරෝකතන නිවේදනය මේ වන විට නිකුත් කොට ඇත.
ඒ අනුව වම්බටු, මාලු මිරිස්, පිපිඤ්ඤා, ලීක්ස්, වට්ටක්කා සහ පතෝල යන බෝග වගා කිරීමට යොමුවීම වඩා හොඳ තේරීමක් වන අතර වෙළඳපොලේදී හොඳ මිලක් මේ සඳහා හිමි කර ගත හැකිය.
එම ඒකකය ප්‍රකාශ කර සිටින්නේ කරවිල, ගෝවා, මෑ කරල්, වැටකොලු, බණ්ඩක්කා, රාබු හා තක්කාලි වගා කිරීම හොඳ තේරීමක් වන බවයි.
ඒ සඳහා වෙළෙඳපොලේදී සාමාන්‍ය මිලක් ලබා ගත හැකිය.
බෝංචි සහ කැරට් වගා කිරීමට තෝරා ගැනීම දුර්වල තේරීමක් වන අතර වෙළඳපොලේදී අඩු මිලක් මේ සඳහා හිමි වේ.
බීට් රූට් වගා කිරීමට යොමුවීම ඉතාමත් හොඳ තේරීමක් වන අතර ඉදිරියේදී වෙළඳපොල තුළ ඉතාමත් හොඳ මිලක් මේ සඳහා හිමි වන බව බෝග පුරෝකතන ඒකකය ප්‍රකාශ කර සිටී.