කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතුව පවතින කෘෂි ගොවිපළවල් තව දුරටත් සංවර්ධනය කිරීමට අවධානය යොමුව තිබේ.
දෙපාර්තමේන්තුව සතුව මේ වන විට කෘෂි ගොවිපළ 29 ක් පවතින අතර, හෙක්ටයාර් 1876 ක් ආවරණය කරයි.
මෙම ගොවිපළවල මේ වන විට ඇති අඩුපාඩු සම්පූර්ණ කර ගොන ඵලදායි ලෙස තවදුරටත් ජාතික නිෂ්පාදනයට දායක කර ගැනීම සදහා මෙම ගොවිපළවල් සංවර්ධනය කෙරේ.
ඒ අනුව මෙම ගොවිපළවල රටේ බීජ අවශ්‍යතාව සම්පූර්ණ කර ගැනීම සදහා නිෂ්පාදන වැඩපිළිවෙලක් දියත් කිරීමට අපේක්ෂිත වේ.
මේ සදහා ගොවි ව්‍යවසායකයින්ද සම්බන්ධ කර ගැනීමට අපේක්ෂා කරන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියා සිටී.
මේ සම්බන්ධයෙන් වන ව්‍යාපෘති සැලසුම් සකස් කිරීම මේ වන විට සිදු කරමින් පවතින බවයි දෙපාර්තමේන්තුව වැඩි දුරටත් ප්‍රකාශ කලේ.