26.8 C
Sri Lanka
Thursday, September 23, 2021

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් වැඩ අරඹයි..

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස ආචාර්ය අජන්ත ද සිල්වා මහතා රාජකාරි ආරම්භ කළේය.

එම පත්කිරීමට අදාළ පත්වීම් ලිපිය කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් නව අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත පසුගියදා ලබා දෙන ලදී.

වැඩ භාර ගැනීමෙන් අනතුරුව නව අධ්‍යක්ෂ ජනරාල්වරයා දෙපාර්තමේන්තුවට අයත් ගන්නෝරුව පිහිටි ආයතන රැසක නිරීක්ෂණ චාරිකාවට එක්විය.

මෙම ධූරයට පත්වීමට පෙර ආචාර්ය අජන්ත ද සිල්වා මහතා කෘෂිකර්ම අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයකු ලෙස කටයුතු කළේය.

එමෙන්ම, ඒ මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අංශ කිහිපයක අධ්‍යක්ෂ ධූරයේද කටයුතු කර ඇති කෘෂිකර්ම කිෂේත්‍රයේ අත්දැකීම් රැසක් ඇති  පළපුරුදු නිලධාරියෙකි.

අභිනව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතාට ගුවන් විදුලි ගොවි සේවා පවුලේ සුභ පැතුම් පිරිනමමු.

Latest news

- Advertisement -spot_img

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here