22 C
Sri Lanka
Tuesday, October 27, 2020

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 20 වන වාර්ෂික මහා සම්මේලනය – ASDA 2018

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වාර්ෂික මහා සම්මේලනය (ASDA – 2018) සැප්තැම්බර් මස 06 සහ 07 යන දෙදින ගන්නෝරුව පැළෑටි ජාන සම්පත් මධ්‍යස්ථාන ශ‍්‍රවනාගාරයේදී පෙ.ව.8.30 සිට ප.ව.4.30 දක්වා පැවත්වීමට කටයුතු සංවිධානය කොට ඇත.

“කෘෂිකාර්මික නිෂ්පාදනයෙන් ඔබ්බට” තේමාව මූලික කරගනිමින් මෙවර සමුළුව පැවැත්වේ.

කෘෂිකර්ම අමාත්‍ය ගරු මහින්ද අමරවීර මැතිතුමන්, කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය ගරු අන්ගජන් රාමනාදන් මැතිතුමන්ගේ හා කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ගරු වසන්ත අලුවිහාරේ මැතිතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් සහ කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් බී.විජයරත්න මහතා ඇතුළු නිලධාරීන් මෙන්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය ඩබ්.එම්.ඩබ්. වීරකෝන් මහතා ප‍්‍රමුඛ අතිරේක කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල්වරුන්, අධ්‍යක්‍ෂකවරුන්, අතිරේක අධ්‍යක්‍ෂකවරුන්, ප‍්‍රධාන කෘෂි විද්‍යාඥයින්, ප‍්‍රධාන කෘෂි විශේෂඥයින් සහ නිලධාරීන් මෙන්ම දෙස් විදෙස් විද්වතුන් රැසකගේ සහභාගීත්වයෙන් මෙය පැවැත්වීමට නියමිතය.

2018 වසරේ හොඳම කෘෂි විද්‍යාඥයා, නැගී එන කෘෂි විද්‍යාඥයා, 2018 වසරේ හොඳම කෘෂි විශේෂඥයා, නැගී එන කෘෂි විශේෂඥයා, කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයට සිදු කරන ලද මෙහෙවර වෙනුවෙන් ජීවිතයට එක් වරක් පමණක් හිමි වන සම්මානය යන සම්මානයන් පහ මෙවර පිරි නැමේ.

පර්යේෂණ පත‍්‍රිකාවන් 30ක්ද, කෙටි සන්නිවේදන 24ක්ද, පෝස්ටර් 18ක්ද මෙවර සමුළුව සඳහා ඉදිරිපත් කොට තිබෙන බව ASDA 2018 සමුළුවේ සභාපතිනි ආචාර්ය ලක්මිණී ප්‍රියන්තා මහත්මිය ප්‍රකාශ කළාය.

ඕස්ටේ‍්‍රලියාවේ තස්මේනියා කෘෂිකර්ම ආයතනයේ මහාචාර්ය හෝල්ගර් මෙන්කේ මහතා විසින් මෙවර ප‍්‍රධාන දේශනය සිදු කිරීමට නියමිතය.

Latest news

ලීක්ස් වගාවේ මිල අඩු වන ලකුණු… වගා කරන්නට පෙර සැලකිලිමත් වන්න…

කෘෂිකාර්මික බෝග වගාවේ නියැලෙන ගොවීන් ආර්ථික වශයෙන් ඉදිරියේදී වටිනාකමක් හිමිකර ගත හැකි බෝග වර්ගයන් වගා කිරීමට යොමු වීම ඉතාමත් වැදගත් වේ.
- Advertisement -

බීජ සහතික කිරීමේ සේවයෙන් බීජ ව්‍යවසායිකයින්ට ඇරයුම්…

ගුණාත්මක බීජ පාරිභෝගිකයින් හට ලබාදීම සදහා කටයුතු කරන බීජ නිෂ්පාදකයින් සහ බීජ ව්‍යවසායිකයින් හට අත්වැල් සැපයීමට නිරතුරුව කටයුතු කරන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ...

ලාහුගල , පානම ගොවි කාන්තාවන් ගෙවතු වගාවෙන් සවිබල ගැන්වේ

අම්පාර ලාහුගල හා පානම ප්‍රෙද්ශවල ගොවි කාන්තාවන් දිරිමත් කිරීම සදහා විහේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව එම කාන්තාවන්...

අම්පාරේ රටකජු අස්වැන්න ඉහළ නැංවීමට විශේෂ වැඩපිළිවෙලක්

අම්පාර පානම ප්‍රදේශයේ රටකඩු ගොවීන් දිරිමත් කිරීම සදහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ. එම දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ ඩී.එම්.එස්.බී....

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here