20.7 C
Sri Lanka
Sunday, October 25, 2020

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වාර්ෂික මහා සම්මේලනය (ASDA – 2018) ඇරඹේ.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වාර්ෂික මහා සම්මේලනය (ASDA – 2018) අද (06) ගන්නෝරුව පැළෑටි ජාන සම්පත් මධ්‍යස්ථාන ශ‍්‍රවනාගාරයේදී ආරම්භ විය.

සමුළුව හෙට දිනය දක්වා පැවැත්වේ.

“කෘෂිකාර්මික නිෂ්පාදනයෙන් ඔබ්බට” යන්න මෙවර සමුළුවේ තේමාවයි.

කෘෂිකර්ම අමාත්‍ය ගරු මහින්ද අමරවීර හා කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය ගරු අන්ගජන් රාමනාදන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සමුළුව ආරම්භ විණි.

කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් බී.විජයරත්න මහතා ඇතුළු අමාත්‍යංශ නිලධාරීන් ද සමුළුව සදහා එක්ව සිටිති.

එමෙන්ම,  කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය ඩබ්.එම්.ඩබ්. වීරකෝන් මහතා ප‍්‍රමුඛ දෙපාර්තමේන්තුවේ අතිරේක කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල්වරුන්, අධ්‍යක්‍ෂකවරුන්, අතිරේක අධ්‍යක්‍ෂකවරුන්, ප‍්‍රධාන කෘෂි විද්‍යාඥයින්, ප‍්‍රධාන කෘෂි විශේෂඥයින් සහ නිලධාරීන් සමඟ දෙස් විදෙස් විද්වත්හූ රැසක් සමුළුව සදහා සහභාගී වූහ.

මෙවර ASDA සමුළුවේ ආරාධිත දේශනය ඕස්ට්‍රෙලියාවේ තස්මේනියා කෘෂිකර්ම ආයතනයේ මහාචාර්ය හෝල්ගර් මෙන්කේ මහතා විසින් සිදු කරනු ලැබීය.

2018 වසරේ හොඳම කෘෂි විද්‍යාඥයා සහ නැගී එන කෘෂි විද්‍යාඥයා, 2018 වසරේ හොඳම කෘෂි විශේෂඥයා සහ  නැගී එන කෘෂි විශේෂඥයා යන සම්මාන මෙවර සමුළුවේදී පිරිනැමිණි.

ඒ අනුව 2018 වසරේ  හොඳම කෘෂි විද්‍යාඥයා  ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ජයන්ත සේනානායක මහතාය.

එමෙන්ම මෙවර නැගී එන කෘෂි විද්‍යාඥයා ලෙස සම්මානයට පාත්‍ර වූයේ ටී.කේ ඉලංගකෝන් මහත්මිය ය.

2018 වසරේ හොඳම කෘෂි විශේෂඥයා ලෙස  ව්‍යප්ති හා පුහුණු මධ්‍යස්ථානයේ කෘෂි ව්‍යාපාර අංශයේ අතිරේක අධ්‍යක්ෂ දිස්නා රත්නසිංහ මහත්මිය පිදුම් ලැබීය.

එමෙන්ම මේ වසරේ නැගී එන කෘෂි විශේෂඥයා බවට සම්මාන දිනා ගත්තේ පැලෑටි සංරක්ෂණ සේවයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ එච්.ආර්.යූ.ටී එරබදුපිටිය මහත්මිය.

එමෙන්ම  කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයට සිදු කරන ලද මෙහෙවර වෙනුවෙන් ජීවිතයට එක් වරක් පමණක් හිමි වන සම්මානය ආචාර්ය එම්.පී ධනපාල මහතා හට පිරිනැමිණි.

පර්යේෂණ පත‍්‍රිකාවන් 30ක්ද, කෙටි සන්නිවේදන 24ක්ද, පෝස්ටර් 18ක්ද මෙවර සමුළුව සඳහා ඉදිරිපත් කොට තිබිණි.

Latest news

බීජ සහතික කිරීමේ සේවයෙන් බීජ ව්‍යවසායිකයින්ට ඇරයුම්…

ගුණාත්මක බීජ පාරිභෝගිකයින් හට ලබාදීම සදහා කටයුතු කරන බීජ නිෂ්පාදකයින් සහ බීජ ව්‍යවසායිකයින් හට අත්වැල් සැපයීමට නිරතුරුව කටයුතු කරන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ...
- Advertisement -

ලාහුගල , පානම ගොවි කාන්තාවන් ගෙවතු වගාවෙන් සවිබල ගැන්වේ

අම්පාර ලාහුගල හා පානම ප්‍රෙද්ශවල ගොවි කාන්තාවන් දිරිමත් කිරීම සදහා විහේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව එම කාන්තාවන්...

අම්පාරේ රටකජු අස්වැන්න ඉහළ නැංවීමට විශේෂ වැඩපිළිවෙලක්

අම්පාර පානම ප්‍රදේශයේ රටකඩු ගොවීන් දිරිමත් කිරීම සදහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ. එම දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ ඩී.එම්.එස්.බී....

වී වගාවේ නිරත ගොවීන්ට බතලගොඩින් පණිවිඩයක්….

එළඹ ඇති මහ කන්නයේ වී වගා කටයුතුවල යෙදීමේදී ගොවි ජනතාව විශේෂ අවධානයක් යොමු කළ යුතු කරුණු කිහිපයක් පිළිබදව බතලගොඩ වී පර්යේෂණ හා...

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here