කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 21 වැනි වාර්ෂික මහා සම්මේලනය හෙට පැවැත්වීමට සියලු කටයුතු සැලසුම් කර තිබේ.
එය ගන්නෝරුව පැලෑටි ජාන සම්පත් මධ්‍යස්ථාන ශ්‍රවනාගාරයේදී හෙට පෙ.ව 8.30 ට ආරම්භ වන්නේ කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් සහ කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් ආචාර්ය එම්.ඩබ්.එම්.වීරකෝන් මහතා ඇතුළු කෘෂිකර්ම ක්ෂේත්‍රෙය් රාජ්‍ය නිලධාරීන් රැසකගේ සහභාගීත්වයෙනි.
සුරක්ෂිත හෙට දවසකට- හරිත කෘෂිකර්මාන්තය තේමාව මූලික කර ගනිමින් මෙවර සමුලුව පැවැත්වීමට නියමිතය.
2019 වසරේ හොදම කෘෂි විද්‍යාඥයි, නැගී එන කෘසි විද්‍යාඥයා, 2019 වසරේ හොදම කෘෂි විශේෂඥයා, නැගී එන කෘෂි විශේෂඥයා යන සම්මානයන් මෙම සමුලුවේදී පිරිනැමීමට නියමිතය.
එමෙන්ම මෙරට කෘෂිකාර්මික ක්ෂේත්රයට කළ සේවය වෙනුවෙන් විශේෂ ත්‍යාග ත්‍රිත්වයක් ද හෙට දින සමුලුවේදී පිරිනැමෙනු ඇත.
කෘෂිකර්ම ක්ෂේත්රය පිළිබදව සිදු කළ පර්යේෂණ පත්‍රිකා 26 ක් , කෙටි සන්නිවේදන 25 ක් , පෝස්ටර් 16 ක් එළිදැක්වීම් පත්‍රිකා 04 ක් හා පර්යේෂණ පුවත් 04 ක් මෙවර සමුලුවේදී එළිදැක්වීමට නියමිතව තිබේ.
මෙවර සමුලුවේ ප්‍රධාන දේශනය ස්කොට්ලන්තයේ එඩින්බරෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මාර්ක් ඒ සටන් මහතා විසින් සිදු කරනු ඇති.