කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගන්නෝරුව පැලෑටි ජාන සම්පත් මධ්‍යස්ථාන පරිශ්‍රයේ පසුගිය 05 සහ 06 දෙදින පැවති 21 වැනි වාර්ෂික මහා සම්මේලනය සාර්ථකව අවසන් විණි.
කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්.එම්.ඩබ්..වීරකෝන් මහතා ඇතුළු කෘෂිකර්ම ක්ෂේත්‍රෙය් රාජ්‍ය නිලධාරීන් රැසකගේ සහභාගීත්වයෙන් එය පැවැතිවිණි.
සුරක්ෂිත හෙට දවසකට- හරිත කෘෂිකර්මාන්තය තේමාව මූලික කර ගනිමින් මෙවර සමුලුව පවත්වනු ලැබීය.
මෙහිදී 2019 වසරේ හොදම කෘෂි විද්‍යාඥ, නැගී එන කෘෂි විද්‍යාඥ, 2019 වසරේ හොදම කෘෂි පර්යේෂක හා , නැගී එන කෘෂි පර්යේෂක යන සම්මානයන් පිරිනැමිණි.
ඒ අනුව මෙවර හොදම කෘෂි විද්‍යාඥ සම්මානය දිනා ගනු ලැබුවේ හම්බන්තොට දිසිත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්යක්ෂ එස්.කේ.එන්.රූබසිංහ මහත්මිය විසිනි.
නැගී එන කෘෂි විද්‍යාඥ සම්මානය අඹේපුස්ස දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේ ශ්රියංගනී හේමලතා මහත්මිය ට හිමි විය.
මෙවර සමුලුවේ හොදම කෘෂි පර්යේෂක බවට පත් වූයේ පැලෑටි සංරක්ෂණ සේවයේ අතිරේක අධ්යක්ෂ ආචාර්ය දයානි පෙරේරා මහත්මිය යි.
එමෙන්ම නැගී එන කෘෂි පර්යේෂක සම්මානය බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ කීට විද්‍යා අංශයේ සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ එස්.ආර්. සරත්චන්ද්‍ර මහතා වෙත හිමි විය.
මීට අමතරව මධ්‍යම මට්ටමේ තාක්ෂණ සේවා නිලධාරීන්ගේ සේවය ඇගයීම පිණිස තිළිණ ප්‍රධානයක් ද මෙවර සමුලුවේදී සිදු වීම විශේෂත්වයකි.
ඒ අනුව ගොවිපළ අංශය නියෝජනය කරමින් පොළොන්නරුව රජයේ බීජ ගොවිපළේ ගොවිපළ් කළමනාකරු අසිත කරුණාරත්න මහතා ඇගයුමට පාත්‍ර විණි.
හොදම පර්යේෂණ කටයුතු සිදු කිරීම වෙනුවෙන් වන ඇගයුම අම්බලන්තොට ප්‍රාදේශීය වී පර්යේෂණ ආයතනයේ වැඩසටහන් සහකාර ආචාර්ය එච්.එම්.ස්වර්ණා හේරත් මෙනවියට හිමි විය.
හොදම ව්යප්තිකාරක ලෙස ඇගයුම් ලැබුවේ ගාල්ල බටහිර සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ කලාපයේ වී වගාව පිළිබද විෂයානුබද්ධ නිලධාරී එස්.එච්.කාහියංගල මහතායි.
කෘෂිකර්ම ක්ෂේත්රය පිළිබදව සිදු කළ පර්යේෂණ පත්‍රිකා 26 ක් , කෙටි සන්නිවේදන 25 ක් , පෝස්ටර් 16 ක් එළිදැක්වීම් පත්‍රිකා 04 ක් හා පර්යේෂණ පුවත් 04 ක් මෙවර සමුලුවේදී එළිදැක්විණි.
ඒ අතරින් හොදම පර්යේෂණ පත්‍රිකාව ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආහාර පර්යේෂණ ඒකකයේ ඩී.එන්.හෙට්ටිආරච්චි මහත්මිය විසින් ඉදිරිපත් කළ පර්යේෂණ පත්‍රිකාව තෝරා ගනු ලැබිණි.
මෙවර සමුලුවේ ප්‍රධාන දේශනය ස්කොට්ලන්තයේ එඩින්බරෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මාර්ක් ඒ සටන් මහතා විසින් සිදු කරනු ලැබීය.