21.7 C
Sri Lanka
Thursday, May 6, 2021

කෘෂිකර්ම නිලධාරීන්ට පුහුණු වැඩමුළු මාලාවක්…

දිවයින පුරා විසිරී සිටින කෘෂිකර්ම නිලධාරීන් දැනුමෙන් හා තාක්ෂණයෙන් සන්නද්ධ කිරීම අරමුණු කර ගනිමින් දීප ව්‍යාප්ත පුහුණු වැඩමුලු මාලාවක් පසුගිය දා ආරම්භ කෙරිණි.

ඒ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙම පුහුණු වැඩමුළු බතලේගොඩ, අගුණකොලපැලැස්ස, පුලියන්කුලම,මහඉලුප්පල්ලම සහ බිදුණුවැව යන කෘෂි පුහුණු පාසල්වල දී පැවැත්වේ.

එක් මධ්‍යස්ථානයක කෘෂි උපදේශකවරුන්  250 බැගින් දිවයිනම ආවරණය වන පරිදි දහසක් පළමු අදියර යටතේ පුහුණු කෙරේ.

ගොවිජන සේවා නිලධාරීන් 600ක් කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන් 9000ක් තවත් අදියර ‍දෙකකින් මෙම පුහුණුවට යොමු කිරීමට සැලසුම් කර තිබේ.

එක් කණ්ඩායමකට දින 25ක නේවාසික පුහුණු වැඩසටහනක් මේ යටතේ ලබාදීමට නියමිතය.

කෘෂි නිලධාරීන් මෙවන් ආකාරයක පුහුණුවකට ලක් කෙරෙන්නේ වසර ගණනාවකින් වන අතර, ‍‍මෙම පුහුණුවෙන් අනතුරුව ඔවුන් වඩාත් සක්‍රීය ලෙස මෙරට කෘෂිකර්මාන්තය නගා සිටුවීම සදහා දායක කෙරෙනු ඇත.

නවීන තාක්ෂණය යොදා ගෙන  ගොඩ වගාව, වී වගාව, පළතුරු වගාව ඇතුළු වගා ක්‍රම, නිරෝධායන පනත, පළිබෝධනාශක පනත ඇතුළු නීති අණපනත් මෙන්ම ඩිජිටල් තාක්ෂණය පිළිබඳ විශේෂ දැනුමක් පුහුණු වැඩමුළුවේදී ලබාදීමට පියවර ගෙන තිබේ.

මෙම වැඩමුළුවෙන් ලබාගන්නා දැනුම කෘෂි උපදේශකවරුන්, ගොවිජන නිලධාරීන්, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන් මඟින් ගොවියාට ගෙන යාම මෙහි ප්‍රමුඛ අරමුණයි.

කෘෂිකර්ම අමාත්‍යංශය හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සංවිධාන ශක්තයෙන් වැඩමුළු පැවැත්වේ.

Latest news

- Advertisement -spot_img

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here