කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද උතුරු පළාතේ සංචාරයක නිරතවීමට නියමිතව තිබේ.
තිස් වසරක් පුරා උතුරේ පැවති යුධමය තත්ත්වයත් සමග කඩා වැටුණු කෘෂි ආර්ථිකය නගා සිටුවීම සදහා ගත හැකි පියවර සම්බන්ධයෙන් සොයා බැලීම සංචාරයේ අරමුණය.
කෘෂිකර්ම අමාත්‍යවරයකු මෙලෙස උතුරු පළාතේ කෘෂි ආර්ථිකය නගා සිටුවීම පිළිබදව සොයා බැලීම සදහා කටයුතු කරනු ලබන්නේ දශක 04කට අධික කාලයකින් වීම විශේෂත්වයකි.
සංචාරයේදී උතුරු පළාතේ කෘෂි ක්ෂේත්‍ර, වගා බිම්, සහ ගොවි ජනතාව මුණ ගැසී ඔවුන්ගේ ගැටළු පිළිබදව සාකච්ඡා කිරීමට නියමිතය.
ස්වයංපෝෂී ශ්‍රී ලංකාවක් ගොඩ නැගීම සදහා උතුරු පළාතේ ගොවියාගෙන් ඉහළ දායකත්වයක් ලබා ගැනීම පිළිබදව අමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමු වී තිබේ.
කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් ආචාර්ය බඩ්.එම්.ඩබ් වීරකෝන් මහතා ඇතුළු කෘෂිකර්ම ක්ෂේත්රයේ නිලධාරීන් රැසක් සංචාරය සදහා එක්ව සිටිති.