රට තුළ ක්‍රියාත්මක වන කෘෂිකර්ම ක්ෂේත්රයට අයත් රාජ්‍ය ආයතන හරහා කෘෂි නවෝදයක් ඇති කිරීම කෙරෙහි නව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ අවධානය යොමු වී තිබේ.
අභිනව කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස පසුගිය 14 වනදා කෘෂිකර්ම අමාත්‍යංශ ගොවිජන මන්දිරයේදී රාජකාරි ආරම්භ කිරීමෙන් අනතුරුව කෘෂිකර්ම අමාත්‍යංශයට අනුබද්ධිත සුවිශේෂී ආයතන දෙකක් වන හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය සහ කෘෂිකර්ම ප්‍රතිපත්ති සභාව යන ආයතනවල සංචාරයකනිරත විය.
රටේ ඉදිරි කෘෂි නවෝදය උදෙසා එම ආයතනවල දායකත්වය පිළිබදව එහිදී අදාළ නිලධාරීන් සමගකළ සාකච්ඡාවේදී මේ බව හෙලි කෙරිණ.
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී.බී.හේරත්, මොහාන් ද සිල්වා, ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුන්ද එක්ව සිටියහ.


