20.8 C
Sri Lanka
Wednesday, August 4, 2021

කෘෂි නව නිපැයුම්කරුවන් හා තරුණ ව්‍යවසායකයන් දිරිගැන් වේ…

කෘෂිකර්මාන්තයට අවශ්‍ය නව නිපැයුම් හා තරුණ ව්‍යවසායකයන්ට අවස්ථාව ලබා දීම සදහා විශේෂ වැඩපිලිවෙලක් කෘෂිකර්ම අමාත්‍යංශය විසින් ක්‍රියාවට නංවා තිබේ.

මෙරට කෘෂිකර්මාන්තය නවීනත්වයට ගෙන යාමේ වැඩපිළිවෙලේ එක් පියවරක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මකය.

ඒ අනුව නව නිපැයුම්කරුවන් හදුනාගැනීම සදහා අමාත්‍යංශය විසින් අයදුම්පත් කැදුවූ අතර ඊට මෙරට නව නිපැයුම්කරුවන් බොහෝ පිරිසක් අයදුම් කළ බව අමාත්‍යංශය කියා සිටී.

අයදුම්පත් යොමු කළ පිරිස අතරින් තොරාගත් නව නිපැයුම්කරුවන්ගේ නිපැයුම්වල තත්වය පරික්ෂා කිරීමේ කටයුතු පසුගිය දා  කෘෂිකර්ම අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වුණි.

ඒ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙහිදී  කාර්යක්ෂම ගොවිපළ කටයුතු සඳහ කෘෂි යන්ත්‍රෝපකරණ හඳුන්වා දීම,  පරිසර හිතකාමි කාබනික පොහොර,රසායනික පොහොර හා කෘෂි රසායන ද්‍රව්‍ය, කෘෂිකර්මයට තොරතුරු තාක්ෂණ නව නිපැයුම් යන අංශ තුනක් යටතේ එම පරික්ෂා කිරීම් සිදු කෙරිණි.

එම නව නිපැයුම්කරුවන්ගේ යන්ත්‍රෝපකරණ සඳහා 50%ක් ආධාර කෘෂිකර්ම අංශ නවීකරණය ව්‍යාපෘතිය යටතේ ලබාදිය හැකි බව මෙහිදී අමාත්‍යවයා සදහන් කළේය.

ඉතිරි 50% සඳහා අඩු පොළි බැංකු ණය පහසුකම් සම්පාදනයට හැකි බවද මෙහිදී අවධානයට ලක්විණි.

තරුණ පිරිස්වල නව සොයාගැනීම් ඉතා උසස් මට්ටමක පවතින බවත්, එම නව නිපැයුම් තුළින් කෘෂිකර්මය නව්‍යකරණයට යොමු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් මෙහිදී කෘෂිකර්ම අමාත්‍යවරයා බලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

Latest news

- Advertisement -spot_img

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here