කෘෂි රේඩියෝව විසින් පවත්වනු ලබන ශ්‍රාවක සමාජ වැඩමුලු මාලාවේ දෙවන වැඩමුලුව පැවැත්වීම සඳහා සියලු කටයුතු සූදානම් කොට ඇත.
ජූනි මස 07 වන දින පන්නල, මාකදුර කාබනික ගොවිතැන සඳහා වූ විශිෂ්ඨතා කේන්ද්‍රය පරිශ්‍රයේදී උදෑසන 9.00 සිට සවස 3.30 වන තුරු මෙය පැවැත්වීමට නියමිතය.
“නිවරැදිව දැනගෙන කරමු කාබනික ගොවිතැන” යන තේමාව යටතේ මෙම වැඩමුලුව පැවැත්වේ.
ප්‍රායෝගික ක්‍රියාකාරකම්ද සහිත වැඩමුලුවක් ලෙස මෙය පැවැත්වීමට සංවිධානය කර ඇත.
සහභාගීවන්නන් හට උදෑසන තේ හා දිවා ආහාර ලබා දෙන අතර වැඩමුලුව අවසානයේ වටිනා සහතිකපතක්ද නිකුත් කරනු ලැබේ.
සහභාගී වීම සඳහා ඔබගේ නම, ලිපිනය, විද්‍යුත් ලිපිනය සහ දුරකතන අංකය සහිතව සම්පුර්ණ කරන ලද අයදුම්පතක් fbsruhuna@gmail.com යන විද්‍යුත් ලිපිනයට ජූනි මස 05 වන දිනට පෙර ලැබීමට සලස්වන්න.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා 071 320 41 09 සහ 071 66 76 532 යන දුරකතන අංකයන් ඇමතීමෙන් ලබා ගත හැකිය.