කෘෂි රේඩියෝව විසින් පවත්වනු ලබන ශ්‍රාවක සමාජ වැඩමුලු මාලාවේ දෙවන වැඩමුලුව අද දින (ජුනි මස 07) පන්නල, මාකදුර කාබනික ගොවිතැන සඳහා වූ විශිෂ්ඨතා කේන්ද්‍රය පරිශ්‍රයේදී පැවැත්විය.
ගුවන් විදුලි ගොවි සේවාව නියෝජනය කරමින් එහි අතිරේක අධ්යක්ෂ හිරාන් පීරිස් මහතා, කදුරට ඒකකයේ සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ අජිත් ගුණසේකර මහතා ඇතුළු කදුරට ඒකකයේ නිලධාරීන් හා රුහුණු ඒකකයේ නිලධාරීන් මේ සඳහා සම්බන්ධ විය.
අරුණෝදය,සාරභූමි,රුහුණු කෘෂි හා ගොවියා යන කෘෂිකාර්මික සමාජ ජාල සමූහ නියෝජනය කරමින් ඒවායේ ඇඩ්මින්වරුන් සහ සාමාජිකයින් මෙන්ම දිවයිනේ විවිධ ප්‍රදේශයන් නියෝජනය කරමින් පාසල් සිසු දරු දැරියන් හා ගොවි ප්‍රජාව මෙම වැඩමුලුව සඳහා සම්බන්ධ වූහ.
කාබනික ගොවිතැන සඳහා වූ විශිෂ්ඨතා කේන්ද්‍රයේ ස්ථාන භාර සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ ප්‍රදීප් රණසිංහ මහතා සහ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂිකා ප්‍රියංගා දිසානායක මහත්මිය ප්රමුඛ නිලධාරීන්ගේ සම්පත්දායකත්වය මේ සඳහා හිමි විය.
“නිවරැදිව දැනගෙන කරමු කාබනික ගොවිතැන” යන තේමාව යටතේ මෙම වැඩමුලුව පැවැත්වූ අතර වැඩමුලුව අවසානයේ සහභාගීවූවන් හට වටිනා සහතිකපතක්ද නිකුත් කරනු ලැබීය.