ගුණාත්මක බවින් ඉහළ බීජ වර්ග නිපදවීම සදහා අතිනවීන තාක්ෂණය යොදා ගැනීමට කටයුතු කරන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කුණ්ඩසාල බීජ පර්යේෂණය ආයතනය පවසයි.
ඒ මගින් උසස් තත්ත්වයේ බීජ හා රෝපණ ද්‍රව්‍ය මෙරට ගොවීන් වෙත ලබාදීමට හැකියාව ලැබෙන බව එම ආයතනය සදහන් කරයි.
බිත්තර වී, අතිරේක ආහාර බෝග, එළවළු බීජ, අර්තාපල් බීජ ඇතුළු බීජ වර්ග නිපදවීම සදහා මෙලෙස නවීන තාක්ෂණය යොදා ගැනේ.
සහතික කරන ලද බීජ අතරින් පසුගිය වසරේ පරීක්ෂාවට ලක් කරන ලද බිත්තර වී ප්‍රමාණය මෙ.ටො.10,680 ක් වේ.
එමෙන්ම පසුගිය වසරේ අතිරේක ආහාර බෝග බීජ මෙ.ටො.1302 ක් හා එළවළු බීජ මෙ.ටො 36 ක් කුණුඩසාලේ බීජ පර්යේෂණ ආයතනය විසින් පරීක්ෂාවට ලක් කර තිබේ.
එමෙන්ම ඉදිරියේදී බීජ හා රෝපන ද්‍රව්‍ය සහතික කිරීමට ජෛව තාක්ෂණය භාවිත කිරීමට ද බීජ පර්යේසණ ආයතනය සැලසුම් කර තිබේ.