ගම්පහ දිස්ත්‍රික්කයේ ගොවි සංවිධාන දිරිමත් කිරීම සදහා ජනාධිපති ලේකම් කාර්යාලයේ දායකත්වයෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති බව එම දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්යක්ෂ ආර්.පී කස්තුරිආරච්චි මහත්මිය සදහන් කළාය.
මේ යටතේ පසුගිය දිනවල ගොයම් පැළ සිටුවීමේ යන්ත්‍ර තෝරා ගත් ගොවි සංවිධාන වෙත ප්රදානය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිනි.
එමෙන්ම දිස්ත්‍රික්කයේ වී වගාව නගා සිටුවීම සදහා තව දුරටත් අවශ්‍ය යන්ත්‍රෝපකරණ පහසුකම් ලබාදීමට කටයුතු කරමින් සිටින බව ගම්පහ දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂවරිය කියා සිටියාය.
එමෙන්ම වගා කටයුතු සදහා ගොවීන්ට අවශ්‍ය තාක්ෂණික පහසුකම් හා මගපෙන්වීම් ලබා දීමට නිරන්තරයෙන්ම කටයුතු කරන බව ඒ මහත්මිය සදහන් කළාය.