ගම්පහ දිස්ත්‍රික්කයේ තරුණ කෘෂි ව්‍යවසායකයන් දිරිමත් කිරීමේ වැඩසටහනක් පසුගිය දා පැවැත්විණි.
ඒ අනුව මෙම ව්‍යවසායකයන් සදහා පැළ සිටුවීමේ යන්ත්‍ර 05 ක් ලබාදීම සිදු කළ බව එම දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම අධ්‍යක්ෂිකා ආර්.පී.කස්තුරිආරච්චි මහත්මිය පැවසුවාය.
ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රතිපාදන මත මෙම යන්තු ලබාදීම සිදු විය.
මෙම තරුණ ගොවීන් හරහා අදාළ ප්‍රදේශයේ සිටින අනෙකුත් ගොවීන්ට ද මෙම යන්ත්‍රවලින් සේවා ලබාදීම අරමුණ වේ.
මෙම කෘෂි ව්‍යවසායකයන්ගේ සහභාගීත්වයෙන් මේ සදහා වන පුහුණු වැඩමුළුවක් ද පැවැත් වූ බව ගම්පහ දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම අධ්‍යක්ෂිකා ආර්.පී.කස්තුරිආරච්චි මහත්මිය වැඩිදුරටත් සදහන් කළාය.