ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්යක්ෂ කාර්යාලය මගින් දේශීය අලබෝග වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ.
එම දිස්ත්‍රික්කයේ සියලුම කෘෂිකර්ම උපදේශක කොට්ඨාස කේනද්‍ර කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂිකා අනූෂා පළිහවඩන මහත්මිය සදහන් කළාය.
වැඩසටහන යටතේ වැල් අල , ඉන්නල, මඥ්ඥොක්කා සහ බතල යන දේශීය අල වර්ග වගා කිරීම සිදු කෙරේ.
ගොවීන් වෙත නොමිලේ රෝපණ ද්‍රව්‍ය ලබා දෙන අතර ඉන්නල වගාව සදහා බිම් සැකසීමේ ආධාර ද ලබා දෙන බව නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂවරිය සදහන් කළාය.
ගාල්ල දිස්ත්‍රික්කයට බලපාන නියං තත්ත්වයට මුහුණ දෙමින් වගා කටයුතු සිදු කිරීම සදහා මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ බව අනූෂා පළිහවඩන මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.