තම එළවළු හෝ පළතුරු ගොවිපළ සදහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගැප් සහතික පත් ලබාගැනීමට අවශ්‍ය ගොවි මහත්ම මහත්මීන් සදහා ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශක නිලධාරී හරහා අවස්ථාව ලබා ගත හැකි බව දෙපාර්තමේන්තුවේ කෘෂි ව්‍යාපාර අංශය සදහන් කරයි.
ඒ අනුව ගැප් සහතික ලබාගැනීම පිළිබද අවශ්‍ය උපදෙස් කෘෂිකර්ම උපදේශක හරහා කෘෂි ව්‍යාපාර අංශයෙන් ලබා ගත හැකි බව අප කළ විමසීඹකදී එහි සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ ඒ.එස්.එම් රොෂාන් මහතා කියා සිටියේය.
ගැප් සහතිකය ලබා ගැනීමෙන් ගොවි මහත්ම මහත්මීන්ට තම ගොවිපළ නිස්පාදනයන්ට හොද දේශීය වෙළදපලක් මෙන්ම හොද අපනයන වෙළදපලක් ලබා ගත හැකි වේ.
එමෙන්ම, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උපදෙස් හා නිර්දේශ අනුව වගා කිරීමෙන් වගාව සදහා අවශ්‍ය යෙදවුම්, රසායන වර්ග, පෛාහොර වර්ග අවම කර ගත හැකි වීමෙන් විශාල වශයෙන් ආර්ථික වාසි ද අත්කර ගත හැකි බව රොෂාන් මහතා කියා සිටියේය.
මේ පිළිබද වැඩිදුර තොරතුරු 081-2388754 යන දුරකතන අංකයෙන් කෘෂි ව්‍යාපාර අංශය ඇමතීමෙන් ලබා ගත හැකි වේ.