22 C
Sri Lanka
Tuesday, October 27, 2020

ගෘහස්ථ පළිබෝධනාශක භාවිතයට පෙර දැනුවත් විය යුතු කරුණු පිළිබඳව පළිබෝධනාශක රෙජිස්ටාර් කාර්යාලයෙන් උපදෙස්…

ගෘහස්ථ පරිසරය තුළ සිටින විවිධ කෘමි සතුන් මර්ධනය සඳහා වෙ‍ඳෙපොලේ තිබෙන පළිබෝධනාශක භාවිතා කිරීම නිරන්තරයෙන් සිදුවේ.

මෙම භාවිතයට ගනු ලබන පළිබෝධනාශක නිවරැදි ප්‍රමිතියලත් භාවිතයට සුදුසු මට්ටමේ පවතින පළිබෝධනාශක විය යුතුය.

නමුත් මේ වන විට නිසි නියාමනයකින් තොර ගෘහස්ථ පළිබෝධනාශක රැසක්ම වෙලඳපොල තුළ පවතී.

ගෘහස්ථව සිටින කුහඹුවන්, කැරපොත්තන් වැනි කෘමි සතුන් හා මීයන් වැනි සතුන් මර්ධනය සඳහා මෙම පළිබෝධනාශකයන් භාවිතයට ගැනේ.

මෙම ගෘහස්ථ පළිබෝධනාශක ආනයනය හා නිෂ්පාදනය සඳහා බලපත්‍රයක් නිකුත් කරනු ලබයි.

බලපත්‍රය නිකුත් කිරීම සඳහා විද්‍යාගාර පරීක්ෂණයකදී සිදු කෙරෙන සඵලතා අධ්‍යනයක් හෝ විදෙස් රටකදී සිදු කරන ලද සඵලතා අධ්‍යනයක වාර්ථාවක් පරිශීලනයට ගැනේ.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පළිබෝධනාශක රෙජිස්ටාර්වරයා විසින් ‍එය නිකුත් කරනු ලබයි.

බලපත්‍රය හිමි වන්නේ වසර තුනක කාලයක් සඳහා පමණි.

එම කාලය තුළ ජාත්‍යන්තරව මෙන්ම දේශියවද අදාල රසායන ද්‍රව්‍ය පිළිබඳව ගැටලු පැනනොනැගී ඇත්නම් පමණක් ආනයනකරුගේ ඉල්ලීම පරිදි එම කාලය දීර්ඝ කර ගැනීමට අවස්ථාව හිමි වේ.

සුදුසුකම් සැපිරූ ආනයනකරුවෙකු විසින් මෙම නිෂ්පාදනයන් ආනයනය කල යුතුය.

ගබඩා කිරීමේ හා අලෙවි කිරීමේ නීතිරීති අනුව,

නිෂ්පාදන අලෙවිය ඕනෑම වෙළෙඳසැලක් හරහා සිදු කල හැකි වුවත් ගෘහස්ථ පළිබෝධනාශකය එහි ගබඩා කර තැබිය යුත්තේ වෙනම ස්ථානයකය.

ඇසුරුම් කඩා සිල්ලරව අලෙවි කිරීමද තහනම් වේ.

නිෂ්පාදන ඇසුරුමෙහි 1980 අංක 33 දරණ පළිබෝධනාශක පාලනය කිරීමේ පනත යටතේ ලියාපදිංචි කරන ලදී යනුවෙන් සඳහන් විය යුතු අතර ලියාපදිංචි අංකයද එහි සඳහන් විය යුතුය.

එමෙන්ම එහි අඩංගු ක්‍රියාකාරී සංයෝග, නිෂ්පාදකයාගේ හා ආනයනකරුගේ දුරකතන අංකයන් හා ලිපිනයන්, භාවිතයට ගන්නා ආකාරය, ශරීරගත වුවහොත් කලයුතු ප්‍රතිකාරයන් හා ප්‍රතිවිශ පිළිබඳ විස්තරයක් පාරිභෝගිකයාට දැනගත හැකි අයුරින් ඇසුරුමෙහි සඳහන් විය යුතුය.

ලේබලය මත ඉලක්කම් හතකින් හෝ ඉංග්‍රීසි අකුරක් සහිතව ඉලක්කම් හයකින් යුත් ලියාපදිංචි අංකයක් තිබිය යුතුය.

මේ පිළිබඳ සැලකිලිමත්වී ගෘහස්ථ පළිබෝධනාශක මිලදී ගතයුතු බව පළිබෝධනා‍ශක රෙජිස්ටාර් කාර්යාලය සඳහන් කරයි.

නීත්‍යානුකූල නොවන නිෂ්පාදනයන් හදුනා ගැනිම පිළිබඳවද පළිබෝධනාශක රෙජිස්ටාර් ආචාර්ය සුමිත් ජයකොඩි මහතා විසින් කරුණු ප්‍රකාශ කොට ඇත.

නිෂ්පාදනයේ වෙලෙඳ නාමයන් හා රසායනික සංයෝග නාමයන් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂාවන්ගෙන් මුද්‍රනය කර නොමැති අතර එය චීන හා ඉන්දියානු වැනි විදෙස් අකුරු සහිතව මුද්‍රනය කර ඇත.

ඒ අනුව ව්‍යාජ නිෂ්පාදනයන්ගේ ඇසුරුම ආකර්ශනීය නොවන අතර එහි දවටනය වර්ණවත් නොවේ.

ව්‍යාජ නිෂ්පාදනයන් එළිමහන් පරිසරයකදී හිරු එළිය, උෂ්ණත්වය හා වර්ෂාවන් වැනි තත්ව යටතේ අඩු විෂ සහිත තත්වයට පත් වුවත් නිවෙස් තුළදී එවැන්නක් සිදු නොවේ.

එහෙයින් නිවස තුළ විෂ තත්වයන් නොනැසී කලක් පැවතීම හේතුවෙන් මිනිසාගේ සෞඛයට එමඟින් දැඩි තර්ජනයක් එල්ල කල හැකිය.

පදික වේදිකා මත තබාගෙන විකුනණු ලබන මී නාශක, කැරපොතු නාශක වැනි දෑ අවිධිමත් නිෂ්පාදනයන් වන බැවින් ඒවා මිළදී ගැනීම සම්පූර්ණයෙන්ම අත්හැරිය යුතුය.

එමෙන්ම එවන් අවිධිමත් ස්ථාන වල තබාගෙන වෙළදාම් කිරීමට පළිබෝධනාශක පනත යටතේ අවසර හිමි නොවේ.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doa.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් අනුමත කරන ලද පළිබෝධනාශක සංයෝජනයන් පිළිබඳ තොරතුරු දැන ගත හැකිය.

ව්‍යාජ පළිබෝධනාශකයන් පිළිබඳව තොරතුරු ඇත්නම් 081 23 880 76 දුරකතන අංකයෙන් පළිබෝධනාශක රෙජිස්ටාර් කාර්යාලය වෙත දැනුම්දිය හැක.

මේ පිළිබඳව වැටලීම් සිදු කිරීම සඳහා බලලත් නිලධාරීන් දිවයින පුරා පත්කර ඇත.

එමෙන්ම ළඟම පිහිටි පොලිස් ස්ථානයේ පරිසර ආරක්ෂණ කොට්ඨාශයටද මෙම පැමිණිලි භාරදිය හැකිය.

වැටලීම් සිදු කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්මේන්තුවට හා පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අනුයුක්ත සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂවරුන්ටද මේ සඳහා බලය ලැබෙන අතර ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් නේවාසික ව්‍යාපාර කලමණාකරුවන් හා ශෂ්‍ය විද්‍යාඥයින්ද බලය හිමි වේ.

Latest news

ලීක්ස් වගාවේ මිල අඩු වන ලකුණු… වගා කරන්නට පෙර සැලකිලිමත් වන්න…

කෘෂිකාර්මික බෝග වගාවේ නියැලෙන ගොවීන් ආර්ථික වශයෙන් ඉදිරියේදී වටිනාකමක් හිමිකර ගත හැකි බෝග වර්ගයන් වගා කිරීමට යොමු වීම ඉතාමත් වැදගත් වේ.
- Advertisement -

බීජ සහතික කිරීමේ සේවයෙන් බීජ ව්‍යවසායිකයින්ට ඇරයුම්…

ගුණාත්මක බීජ පාරිභෝගිකයින් හට ලබාදීම සදහා කටයුතු කරන බීජ නිෂ්පාදකයින් සහ බීජ ව්‍යවසායිකයින් හට අත්වැල් සැපයීමට නිරතුරුව කටයුතු කරන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ...

ලාහුගල , පානම ගොවි කාන්තාවන් ගෙවතු වගාවෙන් සවිබල ගැන්වේ

අම්පාර ලාහුගල හා පානම ප්‍රෙද්ශවල ගොවි කාන්තාවන් දිරිමත් කිරීම සදහා විහේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව එම කාන්තාවන්...

අම්පාරේ රටකජු අස්වැන්න ඉහළ නැංවීමට විශේෂ වැඩපිළිවෙලක්

අම්පාර පානම ප්‍රදේශයේ රටකඩු ගොවීන් දිරිමත් කිරීම සදහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ. එම දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ ඩී.එම්.එස්.බී....

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here