එළඹ ඇති යල කන්නයේදී ගොයම තුළ ඇතිවිය හැකි කොළ අංගමාරය නැමැති රෝගී තත්ත්වය පිළිබදව අවධානයෙන් පසුවන ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සියලු ගොවීන්ගෙන් ඉල්ලීමක් කරයි.
දෙපාර්තමේන්තුවේ බතලගොඩ වී පර්යේෂණායතනයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂිකා රුක්පාලි ගුණපාල මෙනවිය සදහන් කළේ ගොයමේ මුල් අවධියේම මෙම රෝගී තත්ත්වය හදුනාගෙන ප්‍රතිකාර කිරීම අත්‍යවශ්‍ය වන බවයි.
කොළ අංගමාරය යනු ගොයමට වැළදෙන ප්‍රධාන බැක්ටීරියා රෝගය ලෙස හදුනාගත හැකි බව ද ඇය පෙන්වා දෙයි.
ගායම් පැළ වලට වයස සති 2-6 දක්වා කාළය තුළ මෙම රෝගයේ රෝග ලක්ෂණ පහළ වන බව රුක්පාලි මහත්මිය ප්‍රකාශ කරයි.
ඇතැම් අවස්ථාවල මෙම රෝගී තත්ත්වය පුරුක් පණුවාගේ හානිය ලෙසද ගොවීන් වරදවා වටහා ගන්නා බව ඇය සදහන් කළාය.
මෙම ත්ත්තවය නිවැරදිව හදුනා ගනිමින් මුල් අවස්ථාවේම ප්‍රතිකාර කිරීම මගින් සරු අස්වැන්නක් ලබා ගත හැකි බවයි සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂිකා රුක්පාලි ගුණපාල මෙනවිය කියා සිටියේ.