20.8 C
Sri Lanka
Wednesday, August 4, 2021

ගොයම් මකුණා ගැන අනතුරු ඇගවීමක්..

මෙවර මහ කන්නයේ වී වගාව සිදු කරන ප්‍රදේශ රැසකින් ගොයම් මකුණාගේ හානිය වර්තා වී ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය පවසයි.

වී වගාව සිදු කරන මහවැලි කලාපවල සහ මහා වාරි ක්‍රමයට වී වගා කරන ඇතැම් ප්‍රදේශවල මෙම හානිය දක්නට ලැබෙන බව වාර්තා වේ.

විශේෂයෙන් වලව කලාපය හා මහවැලි සී කලාපයේ ගිරාදුරුකෝටිටේ ප්‍රදේශ මෙම හානියට බහුල වශයෙන් ලක්ව තිබේ.

කාළගුණ රටාවේ යම් වෙනස්වීම් මෙන්ම , ගොවීන්ගේ වගා ක්‍රම වල ඇති වෙනස්කම් මෙම පළිබෝධ හානි වර්ධනයට හේතු වී ඇති බව වී පර්යේෂණ ආයතනය පවසයි.

මේ වන විට බොහෝ ප්‍රදේශවල වී අස්වනු නෙලීමට ආසන්නව පවතී.

එබැවින් ගොයම් මකුණාගේ හානියෙන් වී වගාව ආරක්ෂා කර ගැනීම සදහා යායේ සියලුම ගොවි මහතුන් එකට එක්ව කටයුතු කිරීම අනිවාර්ය වේ.

එමෙන්ම මෙම පළිබෝධකයා පාලනය සදහා ප්‍රථමයෙන් ඇලවේලි ආශ්‍රිත  නියරවල්වල හා වගාව අවට ඇති වල් පැලෑටි ඉවත් කිරීම සිදු කරන ලෙසට  බතලගොඩ වී පර්යේෂණ ආයතනය ගොවි මහතුන්ගෙන් ඉල්ලීමක් කරයි.

එය සාර්ථක නොවුනහොත් පමණක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් උපදෙස් ලබා දී ඇති රසායනික පාලන ක්‍රමවලට යා හැකි වේ.

මේ පිළිබද වැඩිදුර තොරතුරු සදහා 1920 කෘෂි උපදේශන සේවාව හෝ 037-2258561 අංකයෙන් බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය මෙන්ම ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශක හමුවන ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවි ජනතාවගෙගන් ඉල්ලීමක් කරයි.

Latest news

- Advertisement -spot_img

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here