ගොයම් ගස මෙන් කුඹුරේ වැඩෙමින් ගොයමට හානි කරන වල් වී පිළිබදව ගොවීන් සැලකිලිමත් විය යුතු බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ ඉදිරි මාස් කන්නය වෙනුවෙන් වගා කටයුතුවල නියැලෙන ගොවි මහතුන් මේ පිළිබදව සැලකිලිමත් විය යුතු බවය.
බහුලව වල් වී වැඩුණ කුඹුරක අස්වනු හානිය 100% ම විය හැකි බව බතලගොඩ වී පර්යේෂණ ආයතනයේ වල් පැලෑටි පිළිබද විද්වත් නිලධාරිණියක වන ආචාර්ය ස්වර්ණා හේරත් මහත්මිය පවසයි.
වල් වී ගොයම් ගස්වලට වඩා උසින් වැඩි අතර, වැඩිපුර පදුරු දැමීම සිදු කරයි.
ඒ නිසා වගා කළ ගොයමට මෙම වල් වී තර්ජනයක් වන අතර අස්වැන්න අඩුවීමට හේතු වේ.
මෙහි අවදානම් තත්ත්වය වන්නේ ගොවි මහතුන් මෙම වල් වී ගස් ගොයම් ගස් යැයි සිතා ඒවා රැක බලා ගැනීමට යොමුවීමය.
එමෙන්ම විශාල වශයෙන් පැතිරීමක් ඇති වල් වී බීජ වසර 10 ක් වුවද සක්‍රිය තත්ත්වයෙන් පවතී.
එබැවින් වල් වී නිවැරදිව හදුනාගමින් දුටු විගසම ඒවා කුඹුරෙන් ගලවා ඉවත් කිරීම කළ යුතුය.
මේ පිළිබද වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් 1920 දුරකතන අංකයෙන් කෘසි උපදේශන සේවාව අමතන ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.