20.8 C
Sri Lanka
Wednesday, August 4, 2021

ගොවිබිමට සහ ගොවියාට නව කෘෂි තාක්ෂණය හදුන්වා දීමේ ප්‍රායෝගික වැඩපිළිවෙලක්

ගොවිබිමට සහ ගොවියාට නව කෘෂි තාක්ෂණය හදුන්වා දීමේ ප්‍රායෝගික වැඩපිළිවෙලක් ආරම්භ කරන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ උපදෙස් මත වැඩපිළිවෙල ක්‍රියාවට නංවන බව දෙපාර්තමේන්තුව කියා සිටී.

දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම පර්යේෂණ ආයතනවල පර්යෙෂණ කටයුතු ඉතා උසස් මටිටමින් පැවතුනත් ඒවා ප්‍රයෝගිකව ගොවියාට නොලැබිම ප්‍රබල ගැටළුවකි.

එබැවින් පර්යේෂණ ආයතනවල සිදුකරන පර්යේෂණවල ප්‍රතිඵල ගොවියා වෙත ප්‍රායෝගිකව ලබාදීම පිලිබදව මූලික අවධානය යොමු කෙරෙනු ඇත.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම උපදේශකවරුන් හරහා එම දැනුම ගොවි බිමට ගෙන යාම සදහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කිරීමට නියමිතය.

මේ වන විට  වී නිෂ්පාදනය හෙක්ටයාරයක්ට මෙට්‍රික් ටොන් 4.6 කි

මෙය 10% වැඩි කීරිම සදහා වී පර්යේෂණ ආයතනයෙන් වැඩ වැඩපිළිවෙළක් සකස් කිරීමට ද පියවර ගන්නා බව දෙපාර්තමේන්තුව සදහන් කරයි.

කාබනික පොහොර භාවිතයට ගොවියා හුරු කරවීම හා ඊට අවශ්‍ය පහසුකම් කෘෂිකර්ම අමාත්‍යංශයේද සහය ඇතිව සිදු කිරීමට කටයුතු කරන බව ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.

Latest news

- Advertisement -spot_img

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here