ඉහළ අස්වැන්නක් ලබා ගත හැකි නව දිවුල් ප්‍රබේද 02 ක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අගුණකොලපැලැස්ස මාෂ හා තෙල් බෝග පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය විසින් සොයා ගෙන තිබේ.
ඈන්ක් වුඩ් ඇපල් හා ඈන්ක් වුඩ් ඇපල් 01 ලෙස මෙම ප්‍රබේද 02 නම් කර ඇත.
ඈන්ක් වුඩ් ඇපල් 01 ලෙස හදුන්වා ඇති ප්‍රබේදයේ පැළ ,බද්ධ කිරීම මගින් ලබා ගත හැකි අතර, ගසක් මීටර් 3.9 ක උසකින් යුක්ත වේ.
ශාක වියනේ පැතිරීම මීටර් 06 ක් පමණ වන අතර ගසේ කටු අවම ස්වභාවයක් ගනී.
වසරේ මාර්තු හා ජූලි කාලවල මල් පිපීම සිදුවන අතර ඵලයක බර ග්රූම් 463 ක් පමණ වන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සදහන් කරයි.
එමෙන්ම හදුන්වා දී ඇති අනෙක් දිවුල් ප්‍රබේදය වන ඈන්ක් වුඩ් ඇපල් ප්‍රබේදය පැළ බද්ධ කිරීම මගින් ලබා ගත හැකි වේ.
ගසක් මීටර් 3.4 ක් පමණ උසකින් යුක්ත වන අතර
, ශාක වියනේ පැතිරීම මීටර් 6.5 ක් බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියා සිටිී.
මෙම ප්‍රබේදයේ ඵලයක බර ග්‍රෑම් 565 ක් පමණ බව බව සදහන් වේ.