මෙරට ගොවීන් අතර දේශීය වී බීජ ව්‍යාප්ත කිරීමට කටයුතු කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් මහතා බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දෙනු ලැබුවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය විසින් සංවිධාන කළ 2019 ක්ෂේත්‍ර දිනයට එක්වෙමිනි.
එමෙන්ම, යල හා මහ කන්න දෙකට අමතරව මැද කන්නය ගොවීන්ට හඳුන්වා දී ගොවි ආර්ථිකය සවිමත් කළයුතු බව ද මෙහිදී කෘෂිකර්ම අමාත්‍යවරයා සදහන් කර සිටියේය.
මෙහිදී බතලේගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය විසින් හඳුන්වා දී ඇති වී ප්‍රභේද පිළිබදව අමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමු විණි.
එමෙන්ම, අඩු කාලයක් වැය වන, ජලය අරපිරිමැස්මෙන් භාවිත කළ හැකි මෙන්ම ගොයමට වැළඳෙන රෝග සඳහා ඔරොත්තු දියහැකි ප්‍රභේද පිළිබඳව අදාළ බලධාරීන්ගෙන් පී.හැරිසන් මහතා මෙහිදී කරුණු විමසා සිටියේය.
මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතා, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ඩබ්.එම්.ඩබ්. වීරකෝන් මහතා ඇතුළු බතලේගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ කෘෂි විද්‍යාඥයින් රැසක් එක්ව සිටියහ.