28.5 C
Sri Lanka
Friday, April 23, 2021

ගොවීන්ට කෘෂි රක්ෂණ ක්‍රමයක්

මෙරට ගොවීන් සදහා කෘෂි රක්ෂණ ක්‍රමයක් ආරම්භ කිරීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

ඒ මහතා සදහන් කලේ බෝග වර්ග 06 ක් සදහා මෙම රක්ෂණ ක්‍රමය හදුන්වාදීමට අපේක්ෂා කරන බවයි.

එම බෝග වර්ග 06 ට අමතරව අනෙකුත් බෝග වගා කරන ගොවීන් සදහා මසකට රුපියල් 600 වැනි සුලු මුදලකට මෙම රක්ෂණය ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා කියා සිටියේය.

මෙම වැඩපිළිවෙල හරහා වගා කටයුතුවල යෙදෙන ගොවි මහතුන් ආරක්ෂා කිරීම හා ඔවුන්ගේ වගාවන්ට ආරක්ෂණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම අරමුණ බව මහින්දානන්ද අලුත්ගමගේ මහතා වැඩි දුරටත් සදහන් කළේය.

Latest news

- Advertisement -spot_img

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here