20.8 C
Sri Lanka
Wednesday, August 4, 2021

ජනපති සහ ගොවි සංවිධාන බල මණ්ඩලය අතර හමුවක්

කාබනික පොහොර භාවිතයට ගත් පියවර කිසි විටෙකත් පසුපසට නොගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිත්‍රමා මේ බව සදහන් කළේ  ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩල දිස්ත්‍රික් ගොවි නියෝජිත හමුවේදී අදහස් දක්වමිනි.

පැරණි වගා ක්‍රමවලට නැවත යොමුවී වස විසෙන් තොර ආහාර වේලක් ජනතාවට ලබාදීම තම පරම යුතුකම සහ වගකීම බව මෙහිදි  ගොවි නියෝජිතයන් විසින් පෙන්වා දෙනු ලැබිණ.

 එම නිසා නිරෝගිමත් අනාගත පරපුරක් වෙනුවෙන් ජනාධිපතිතුමා තැබූ පියවරට ගොවි ජනතාවගේ ප්‍රණාමය හිමි වන බව ඔවුහු කියා සිටියහ.

ගොවීන් ලක්ෂ 11ක්, ගොවි සංවිධාන 17000ක් සහ ගොවිජන සේවා මධ්‍යස්ථාන 563කින් මෙම බල මණ්ඩලය සකස් වී තිබේ

කාබනික පොහොර භාවිතයට යොමු වීමෙන් පසු රජය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩපිළිවෙළ පිළිබඳ ජනාධිපතිතුමා විසින් ගොවි නියෝජිතයන් දැනුවත් කරනු ලැබිණ.

Latest news

- Advertisement -spot_img

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here