ජාතික ආහාර නිෂ්පාදන සංග්රාම සතියේ පස්වන දිනය අදයි.(10)
සතියක කාලයක් ක්රියාත්මක වන මෙම ආහාර නිෂ්පාදන සංග්රාමයේ එක් එක් දිනයන් එක් එක් ක්ෂේත්ර අනුව නම් කර ඇති අතර, අද දිනය ධීවර දිනය ලෙස නම් කර තිබේ.
අද දිනයේදී ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පවතින වැව්වල ජල ජීවී වගා ප්රවර්ධනය සිදු කෙරේ.
එමෙන්ම, වී, බඩ ඉරිගු, ලොකු ලුණු, මිරිස්,අර්තාපල් වගා ගොවීන් සදහා රුපියල් හතලිස් දහසක රක්ෂණාවරණයක් ලබා දීමට නියමිතය.
ණය පදනම මත ගොවීන්ට පොහොර ලබාදීම ද අද දිනයේදී සිදු කෙරේ.
දේශයේ ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීම හා වගා නොකරන ඉඩම් වගා කිරීම අරමුණු කර ගනිමින් පසුගිය 06 වනදා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමාගේ පුධානත්වයෙන් ජාතික ආහාර නිෂ්පාදන සංග්රාම සතිය ආරම්භ විණි.
මෙය සංවිධාන කරන්නේ කෘෂිකර්ම අමාත්යංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, මහවැලි හා පරිසර අමාත්යංශය, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්ය ආයතන රැසක් ඒකාබද්ධවයි.
එය ලබන 12 වනදා දක්වා ක්රියාත්මක වීමට නියමිතය.
ආහාර නිෂ්පාදන සංග්රාමයේ හයවන දිනය වන හෙට දිනය රාජ්ය සේවක දිනය ලෙස නම් කර තිබේ.
කෘෂිකර්ම අමාත්යංශය යටතේ ඇති සියලුම රාජ්ය ආයතන හා එහි සේවකයන් සම්බන්ධ කර ගනිමින් වගා වැඩසටහන් හෙට දිනයේදී පැවැත්වීමට නියමිතව තිබේ.