20.3 C
Sri Lanka
Sunday, October 25, 2020

ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය ජනපති ප්‍රධානත්වයෙන් අද ඇරඹේ.

කෘෂිකර්ම අමාත්‍යංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක් එක්ව සංවිධාන කරන ජාතික ආහාර නිෂ්පාදන සතිය අද ආරම්භ වේ.

එය ලබන 12 වනදා දක්වා පැවැත්වීමට නියමිතය.

ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය හා ගොවි සතිය ලෙසින් නම් කර ඇති මෙම සතිය තුළ ආහාර නිෂ්පාදනය සම්බන්ධයෙන් විවිධ වැඩසටහන් සමස්ත දිවයිනම කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතය.

එක්වෙමු නැගිටිමු- අටුකොටු පුරවමු යන්න ජාතික ආහාර නිෂ්පාදන සතියේ තේමාවය.

ඒ අනුව අද දින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සහ කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික වල් මගුල් උත්සවය හා ගොවි දිනය පැවැත්වීමට නියමිතය.

ඒ යටතේ දිවයිනේ කෘෂිකාර්මික ප්‍රදේශ රැසක පුරන් කුඹුරු අක්කර එක්ලක්ෂ තිස් දහසක් නැවත වගා කිරීම ආරම්භ කිරීම, 2017/2018 මහ කන්නයේ කුඹුරු හෙක්ටයාර ලක්ෂ 08 ක වගා කටයුතු ආරම්භ කිරීම, එම කන්නයට අවශ්‍ය බිත්තර වී සැපයීම, වී වගා කළ නොහැකි කුඹුරුවල වාර්ෂික බෝග වගා කි‍රීම ඇතුළු කෘෂිකාර්මික වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිත වේ.

හෙට දිනය ව්‍යවසායකත්ව දිනය ලෙස නම් කර ඇති අතර, කෘෂිකර්ම අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කරන සිතමු වැඩසටහන සමග එක්ව සිටි ගොවි න සාමාජිකයන් හට වගා කටයුතු සම්බන්ධව අවශ්‍ය ප්‍රතිලාභ ලබා දීම සිදු කෙරේ.

පශු සම්පත් දිනය ලෙස නම් කර ඇති ඔක්තෝබර් 08 වනදා කාබනික වගාව මුල් කර ගනිමින් වැඩසටහන් රැසක් පැවැත්වීමට නියමිතය.

ඔක්තෝබර් 09 වන දින අධ්‍යාපන දිනය ලෙස නම් කර ඇති අතර, එදින දිවයිනේ තෝරාගත් පාසල් හා පෙර පාසැල් තුළ වගා වැඩසටහන් පැවැත්වේ.

ඔක්‍තෝබර් 10 වනදා ධීවර දිනය හා ඔක්තෝබර් 11 වනදා රාජ්‍ය සේවක දිනය ලෙස නම් කර තිබේ.

ධීවර දිනයේදී වැව් ආශ්‍රිතව ජල ජීවී වගා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, රාජ්‍ය සේවක දිනයේදී කෘෂිකර්ම ‍අමාත්‍යංශය යටතේ ඇති සෑම රාජ්‍ය ආයතනයක්ම හා රාජ්‍ය සේවකයකුම සම්බන්ධ කර ගනිමින් වගා වැඩසටහන් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ඔක්තෝබර් 12 වනදා දියවර දිනය ලෙස නම් කර තිබේ.

එදින කුඩා වැව් හා අමුණු, ඇල වේලි, කෘෂි මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන් පැවැත්වේ.

මීට අමතරව ආහාර නිෂ්පාදන ජාතික සංග්‍රාමය යටතේ පළාත් මට්ටමින් ද වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.

Latest news

බීජ සහතික කිරීමේ සේවයෙන් බීජ ව්‍යවසායිකයින්ට ඇරයුම්…

ගුණාත්මක බීජ පාරිභෝගිකයින් හට ලබාදීම සදහා කටයුතු කරන බීජ නිෂ්පාදකයින් සහ බීජ ව්‍යවසායිකයින් හට අත්වැල් සැපයීමට නිරතුරුව කටයුතු කරන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ...
- Advertisement -

ලාහුගල , පානම ගොවි කාන්තාවන් ගෙවතු වගාවෙන් සවිබල ගැන්වේ

අම්පාර ලාහුගල හා පානම ප්‍රෙද්ශවල ගොවි කාන්තාවන් දිරිමත් කිරීම සදහා විහේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව එම කාන්තාවන්...

අම්පාරේ රටකජු අස්වැන්න ඉහළ නැංවීමට විශේෂ වැඩපිළිවෙලක්

අම්පාර පානම ප්‍රදේශයේ රටකඩු ගොවීන් දිරිමත් කිරීම සදහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ. එම දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ ඩී.එම්.එස්.බී....

වී වගාවේ නිරත ගොවීන්ට බතලගොඩින් පණිවිඩයක්….

එළඹ ඇති මහ කන්නයේ වී වගා කටයුතුවල යෙදීමේදී ගොවි ජනතාව විශේෂ අවධානයක් යොමු කළ යුතු කරුණු කිහිපයක් පිළිබදව බතලගොඩ වී පර්යේෂණ හා...

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here