ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය තුල කෘෂිකර්ම සංවර්ධනයට කඩිනම් වැඩපිළිවෙළක් සැකසීම සඳහා වන තෙදින වැඩමුළුව ගන්නෝරුව ජාතික කෘෂි තොරතුරු හා සන්නිවේදන මධයස්ථනෙයේ දී පැවැත්විණි.
ඒ කෘෂිකර්ම අමාත්‍ය පී . හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙනි.
ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය පොතකට සීමා නොකර ප්‍රායෝගිකව ගොවි ජනතාව වෙත සන්නිවේදනය කිරීම සදහා කඩිනම් යාන්ත්‍රණයක් සැකසිය යුතු බ ව මෙහිදී අමාත්‍යවරයා කෘෂි ක්ෂේත්රයේ නිලධාරීන් හමුවේ අවධාරණය කර සිටියේය.
මෙහිදී , මෙරටට ආනයනය කරනු ලබන කෘෂිකාර්මික බෝග නිෂ්පාදන මෙරට තුලදීම නිෂ්පාදනය කළ යුතු බව පී.හැරිසන් මහතා කියා සිටියේය.
එමෙන්ම, කෘෂි කර්මාන්තය සඳහා ඉඩම් යොදා ගැනීමේදී එය කළමනාකාරිත්වයෙන් යුතුව වැඩි ඉඩම් ප්‍රමාණයක් යොදා ගත යුතු බවටද අමාත්‍යවරයා බලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
කෘෂි ක්ෂේත්රයේ සෑම නිලධාරියෙකු ගෙන් ම ප්‍රයෝජන ලබාගෙන ගොවියා ගේ සිට අමාත්‍යාංශ ලේකම් දක්වා සන්නිවේදනය වන ජාලයක් සැකසීම පිළිබදව ද මෙහිදී සාකච්ඡා විණි.
මේ වන විට කෘෂිකර්ම ක්ෂේත්රයේ පවතින ගැටළු රැසක් පිළිබදව ද මෙහිදී අවධානයට ලක් විණි.
මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.එස් රුවන්චන්ද්‍ර ,කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් ඩබ්ලිව්. එම්. වීරකෝන් , ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් මද්දුම බණ්ඩාර ් වීරකෝන් මහතා ඇතුළු නිලධාරීන් රැසක් එක්ව සිටියහ.