21.5 C
Sri Lanka
Thursday, April 22, 2021

ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්ති කමිටුව රැස්වෙයි- ප්‍රතිපත්තිය මාස 03 කින් ගෙන ඒමට සාකච්ඡා

 ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක් සකස්කිරීම සඳහා පත්කළ විද්වත් කමිටුව ගන්නෝරුව උද්‍යාන භෝග පර්යේෂණ ආයතනයේ දී පළමුවරට රැසිවිණි.

 ඒ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙනි.

කෘෂිකර්ම ක්ෂේත්‍රයේ විද්වතුන් ඇතුළු ක්ෂේත්‍ර රැසක ප්‍රවීනයන්ගෙන් සැදුම්ලත් කමිටුවට සාමාජිකයන් 13 ක් ඇතුලත් වේ.

මාස 03 ක් තුළ ජාතියේ අවශ්‍යතාවයක්ව පවතින ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය සකස් කර දෙන ලෙස කමිටුවෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙහිදී ඉල්ලා සිටියේය.

වස විෂ නැති ආහාරවලින් ස්වයංපෝෂිත මෙන්ම ආනයන ආර්ථිකයක් වෙනුවට නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැඟීමේ වැඩපිළිවෙලට ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය අත්‍යවශ්‍ය බවයි මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ.

Latest news

- Advertisement -spot_img

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here