28.5 C
Sri Lanka
Friday, April 23, 2021

ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය මැයි මාසයේදී

ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය මැයි මාසයේදී එළි දැක්වීමට හැකියාව ලැබෙනු ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

පසුගියදා පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

මෙරට කෘෂිකර්මාන්තයේ නිරත වන සියලු ආයතන හා පුද්ගලයන්ට එක සමාන ප්‍රතිපත්තයක් හදුන්වාදීම සදහා මෙම ජාතික ප්‍රතිපත්තිය එළිදැක්වීමට නියමිතය.

මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළින් දිවයිනේ පළාත් නවයම එකම කෘසි ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කරනු ඇති.

මේ වන විට ක්‍රමවේද එකොළහක් ලෙස මෙරට කෘසි ප්‍රතිපත්ති ක්‍රියාත්මක වන බවත් ඒ හේතුවෙන් ගැටලු පැන නැගී ඇති බවත් අමාත්‍යවරයා මෙම සාකචඡාවේදී කියා සිටියේය.

වී මිලදී ගැනීම, පොහොර බෙදා දීම, බීජ නිෂ්පාදනය, ගොවියාගේ ආරක්ෂාව, වන සත්ව හානි වැනි කරුණු සම්බන්ධයෙන් අදාළ ආයතන එකම ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කිරීම මෙම ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය හදුන්වා දීමේ තවත් අරමුණක් වේ.

මේ හරහා රටේ ඉදිරි කෘෂිකර්මාන්තය ආරකෂා වන බව මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සදහන් කර තිබේ.

Latest news

- Advertisement -spot_img

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here