20.8 C
Sri Lanka
Thursday, May 6, 2021

තරගකාරීව ගොවීන්ගෙන් වී මිලට ගැනීමට කැබිනට් අනුමැතිය

වී ගොවීන්ට ඉහළ මිලක් ලැබෙන පරිදි පෞද්ගලික අංශය සමග තරගකාරී අයුරින් වී මිලට ගැනීමට රජය තීරණය කර තිබේ

මේ සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව පසුගිය දා පැවති මාධ්‍ය හමුවකදී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව ගොවියාට රජයෙන් ලබා දිය හැකි උපරිම මිල ලබාදීමටයි රජය තීරණය කර ඇත්තේ.

එමෙන්ම පොහොර සහනාධාරය ලබන ගොවීන් රජයට වී කිලෝ දහසක් ලබා දිය යුතුය යන තීරණය අහෝසි කර ඇති බව ද කෘෂිකර්ම අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මෙම තීරණයත් සමග රුපියල් 44 කට මල දී ගත් තෙත වී කිලෝවක් රුපියල් 46 කටද, රුපියල් 50 කට මිලට ගත් නාඩු හාල් කිලෝවක් රුපියල් 52 කට ද , රුපියල් 52 කට මිලට ගත් සම්බා වී කිලෝවක් රුපියල් 54 කට ද රජය විසින් මිලට ගැනීම ආරම්භ කර තිබේ.

මෙවර මහ කන්නය තුළ ගෙවීන්ගෙන් වී මෙට්‍රික් ටොන් ලක්ෂ හයක් පමණ මිලට ගැනීමට රජය අපේකෂා කරයි.

කෙසේ වෙතත්, පෞද්ගලික අංශය සමග තරගකාරීව වී මිලට ගත්තද කිසිදු ලෙසකින් හාල් මිල වෙළදපළ තුළ ඉහළ යාමට ඉඩ නොදෙන බව ද මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.

ඒ අනුව නාඩු හාල් කලෝ එකක් රුපියල් 97 කට සහ සම්බා හාල් කිලෝ එක්ක රුපියල් 99 ක පාලන මිලක් යටතේ අලෙවි කිරීමට කටයුතු කරන බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා වැඩි දුරටත් සදහන් කළේය.

Latest news

- Advertisement -spot_img

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here