18.5 C
Sri Lanka
Monday, January 25, 2021

තල පැණියාගෙන් රටකජු වගාව බේරා ගනිමු..

කුරුණෑගල මහව කෘෂිකර්ම උපදේශක කොට්ඨාසය තුළ වගා කර ඇති රටකජු වගාවට තල පැණියා (peanut seed bug)නම් මකුණු විශේෂයකින් හානි සිදුවන බව වාර්තා වේ.

මෙම මකුණු විශේෂය රටකජු කරලෙන් යුෂ උරා බී හානි සිදු කරන බව සොයා ගෙන තිබේ.

මෙම මකුණු ප්‍රහාරයත් සමග රටකජු කරල අවපැහැ වී බීජය ද අවපැහැ වන අතර, රටකජු ඇට තිත්ත රසකින් යුක්ත වේ.

මේ පිළිබද පර්යේෂණ කිරීමෙන් අනතුරුව හෙළිව ඇත්තේ අස්වැන්න නෙලන කාලයට තල පැණියන් රටකජු අස්වැන්න ගබඩා කර ඇති ස්ථානයට පැමිණ මෙම විනාශය සිදු කරන බවය.

රටකජු ගබඩා කර ඇති ස්ථානයට පැමිණෙන තල පැණියන් රටකජු ගොඩ යටට වී අමු රටකජු කරල්වල බීජවල කිරි රසැති යුෂ උරා බීම සිදු කරන බව හෙලිව තිබේ.

මෙම මකුණු විශේෂය විනාශ කිරීම නොව අස්වැන්න තාවකාලිකව ගබඩා කර ඇති ස්ථානයට පැමිණීම වැළැක්වීම කළ යුතු බව මේ පිළිබදව අදහස් දක්වමින්  ස්ථිර බෝග සායන කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකාරක සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ එච්.එල්.කේ ලියනගේ මහතා කියා සිටී.

එමෙන්ම මෙම මකුණු හානියෙන් අස්වැන්න බේරා ගැනීම සදහා අස්වැන්න නෙලන අවස්ථාවේ රටකජු ගස් පිටින් ගොඩක් ලෙස නොතබා තුනී කර තබා ගත යුතු වේ.

ගැල වූ ගස් තිබෙන තැන වටේට පොළව මත අඩි 2 ක් පමණ පළල තීරුවකට ස්පර්ෂ කෘමි නශකයක් ආලේප කිරීම සිදු කළ යුතුය.එමගින් තල පැණියාගේ පැමිණීමේ මාර්ග අවහිර කළ හැකිය.

අස්වැන්න නෙලීමෙන් පසු හැකි විගස කරල් වෙන් කර ගැනීම කළ යුතු අතර, සුන් බුන් කොටස් විධිමත් ලෙස කොමිපොස්ට් නිපදවීම වැනි කාර්යයක් සදහා යොදා ගන්නා ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුව උපදෙස් ලබා දෙයි.

Latest news

වී මිලදී ගැනීමේ ජාතික වැඩසටහන ඇරඹේ…

මෙවර මහකන්නයේ හෙක්ටයාර හය ලක්ෂ හැට අටදහස් හාරසියයක් දිවයින පුරා කුඹුරු වගා කොට ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. එයින්  අපේක්ෂිත වී අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂ...
- Advertisement -

මෙරට නිෂ්පාදන ආර්ථිකය නංවා ආනයන ආර්ථිකය අවසන් කිරීමට රජයෙන් සැලසුම්…

මෙරට නිෂ්පාදන ආර්ථිකය සංවර්ධනය කර ආනයන ආර්ථිකය මුළුමනින්ම නතර කිරීම රජයේ අරමුණ බව කෘෂිකර්ම අමාත්‍ය මහ්නදානන්ද අලුත්ගමගේ මහතා අවධාරණය කළේය. පසුගිය දා බතලගොඩ වී පර්යේෂණ...

කෘෂිකර්ම නිලධාරීන්ට පුහුණු වැඩමුළු මාලාවක්…

දිවයින පුරා විසිරී සිටින කෘෂිකර්ම නිලධාරීන් දැනුමෙන් හා තාක්ෂණයෙන් සන්නද්ධ කිරීම අරමුණු කර ගනිමින් දීප ව්‍යාප්ත පුහුණු වැඩමුලු මාලාවක් පසුගිය දා ආරම්භ කෙරිණි. ඒ කෘෂිකර්ම...

වයඹ පළාතට අඹ ගම්මානයක්

වයඹ පළාතේ ගොවි ජනතාවගේ ආර්ථික ශක්තිය වැඩිදියුණු කිරීමේ අරමුණ පෙරදැරි කර ගනිමින් වන්නි ඉහළගම කෘෂිකර්ම උපදේශක කොටඨාසය තුළ අඹ ගම්මානයක් ස්ථාපිත කෙරේ. ගල්ගමුව සහකාර කෘෂිකර්ම...

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here