කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කාන්තා කෘෂිකර්ම ව්‍යප්ති අංශය මගින් ක්‍රියාත්මක කරන හෙළ බොජුන් ව්‍යාපෘතියේ 22 වැනි හෙළ බොජුන් හල පසුගියදා ත්‍රිකුණාමලය නගරයේ දී විවෘත කෙරිණි.
ඒ නැගෙනහිර පළාත් ආණ්ඩ1ුකාර ශාන් විජේලිල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙනි.
සම්ප්‍රදායික දමිළ ආහාර වලටද මුල් තැන දෙමින් ආරම්භ කෙරුණු මෙම හෙළ බොජුන්හල , කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් පුහුණුව ලද කාන්තා ව්‍යවසායිකාවන් විසින් පවත්වාගෙන යනු ලබයි.
බෝ නොවන රෝගවලින් තොර නීරෝගීමත් සමාජයක් බිහිකිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වේ.
එමෙන්ම, අපෙන් දුරස් වී යන දේශීය ආහාර සංස්කෘතිය යළි රට තුළ ස්ථාපිත කිරීම, කාන්තා ව්‍යවසායිකත්වය ඉහළ නැංවීම ද මෙහි අරමුණු අතර වේ.
සමස්ත දිවයිනම ආවරණය කරමින් හෙළ බොජුන් ආරම්භ කරන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කාන්තා කෘෂිකර්ම ව්‍යප්ති අංශය සදහන් කර සිටී