ගෙවත්තක් පවත්වාගෙන යාමට ඉඩකඩ නොමැති නාගරික ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් තිරස් අවකාශය තුළ ගෙවතු වගා ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවීමට කලුතර දිස්ත්‍රික් කෘෂිකර්ම අධයක්ෂ කාර්යාලය පියවර ගෙන තිබේ.
කෘෂිකර්මාන්තයට කැමැත්තක් දක්වන නාගරික ජනතාව ඒ සදහා පෙළඹවීමේ අරමුණින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.
මේ පිළිබදව ජනතාව දැනුවත් කිරීම හා තිරස් අවකාශය තුළ ගෙවතු වගාව සිදු කරන ආකාරය පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක බව එම කාර්යාලය සදහන් කරයි.
කෘෂිකර්ම අමාත්‍යංශයේ මූලික මග පෙන්වීම හා මූල්‍යමය දායකත්වය මත වැඩසටහන ක්‍රියාවට නංවනු ලබයි.