තිරසාර රටක් සුවදායී හෙටක් තේමාව මුල් කර ගනිමින් මාකදුර කාබනික ගොවිතැන සදහා වූ විශිෂ්ඨතා කේන්ද්‍රය මගින් කෘෂිකාර්මික ප්‍රදර්ශනයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කොට තිබේ.
කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ දියත් කරනු ලබන කාබනික පොහොර නිෂ්පාදනය හා භාවිතය දිරි ගැන්වීමේ ව්‍යාපෘතිය යටතේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කාබනික ගොවිතැන සදහා වූ විශිෂ්ඨතා කේන්ද්‍රය මගින් මෙය ක්‍රියාවට නංවනු ලබයි.
දෙසැම්බර් මස 14, 15 සහ 16 යන තෙදින උදෑසන 9.00 සිට සවස 6.00 දක්වා මාකදුර කාබනික ගොවිතැන සදහා වූ විශිෂ්ඨතා කේන්ද්‍රය පරිශ්‍රයේදී පැවැත්වීමට අපේක්ෂිතය.
කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ නව තාක්ෂණික ක්‍රම,
කාබනික වගාවේ නව තාක්ෂණික සොයා ගැනීම්,
වස විස නැති ගෙවත්ත සමග නගරයට සුදුසු කාබනික වගා ක්‍රම,
කොම්පෝස්ට් පොහොර සහතික කිරීම සහ කාබනික බෝග නිෂ්පාදනය සහතික කිරීම,
දේශීය හා විදේශීය දැනුම හුවමාරුව සමග විද්වත් දේශන හා සාකච්ඡා,
කාබනික කෘෂි යෙදවුම්, බීජ හා රෝපණ ද්‍රව්‍ය,
දේශීය ආහාර නිෂ්පාදන අළෙවිය සමග රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ප්‍රදර්ශන කුටි රැසක් ද මෙහීදි දැක ගත හැකි බව කාබනික ගොවිතැන සදහා වූ විශිෂ්ඨතා කේන්ද්‍රයේ සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ ඒ.එස්.වයි. ප්‍රදීප් රණසිංහ මහතා ප්‍රකාශ කළේය.