කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තිරුන්නෙල්වේලි පර්යේෂණ ආයතනයේ නව ගොඩනැගිල්ල පසුගියදා විවෘත කෙරිණි.
ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.
ප්‍රෙද්ශයේ ගොවීන්ගේ කෘෂිකාර්මික අවශ්‍යතා ඉලක්ක කර ගනිමින් හා වැඩි අස්වැන්නක් ලබා ගැනීම සදහා අවශ්‍ය උසස් තත්ත්වයේ බීජ ගොවීන්ට ලබාදීම අරමණු කර ගනිමින් මෙම ආයතනය විවෘත කරනු ලැබිණි.
මහ කන්නයේ වගා හානි වූ ගොවීන් සදහා වන්දි ලබාදීම ද මෙයට සමගාමීව සිදු විය.
එමෙන්ම, අර්තාපල් , මිරිස්, බඩ ඉරිගු බීජ කට්ටල ගොවීන්ට ලබාදීම ද මෙහිදී සිදු කෙරිණි.
කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් ආචාර්ය එම්.ඩබ්.එම්.වීරකෝන් මහතා ඇතුළු කෘෂිකර්ම ක්ෂේත්රයේ නිලධාරීන් හා දේශපාලන නියෝජිතයන් විශාල පිරිසක් මෙම අවස්ථාව සදහා එක්ව සිටියහ.