28.5 C
Sri Lanka
Friday, April 23, 2021

දහයියා සහ අගුරු යොදා ලොකු ලූනු අස්වැන්න සරු කර ගැනීමට උපදෙස්.

 

දහයියා සහ අගුරු යොදා ගනිමින් සිදු කරන ලොකු ලූනු වගාව ගොවීන් අතර සාර්ථකව ක්‍රියාවට නැංවෙන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය පවසයි.

එහි ලූනු අබිජනන හා පර්යේෂණ අංශයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ  බී.අයි.හෙටිටිආරච්චි මහතා කෘසි එ‍ෆ් එම් කළ විමසීමකදී මේ බව සදහන් කළේය.

මෙම ක්‍රමය මගින් ඉහළ ලොකු ලූනු අස්වැන්නක් ලබා ගත හැකි බව ඒ මහතා පෙන්වා දුන්නේය.

ලූනු වගා කිරීමට තෝරා ගත් වගා බිමෙහි සෙන්ටි මීටර් 15 හා 25 ක් පමණ ගැඹුරට දහයියා සහ අගුරු යෙදිය යුතු වේ.

මෙම ක්‍රමය යල කන්නයේදී සියයට 79 ක් පමණ ලොකු ලූනු වගාවට යොදා ගත යුතු අතර, මහ කන්නයේදී සියයට 29 පමණ යොදා ගත යුතු බව හෙට්ටිආරච්චි මහතා පැවසීය.

කාබනික පොහොර යොදා ගනිමින් සරු ලොකු  ලූනු අස්වැන්නක් ලබා ගැනීම උදෙසා මෙම ක්‍රියාපිළිවෙල පිළිබදව ගොවීන්ව තව දුරටත් දැනුවත් කිරීම් සිදු කරන බව ද සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ බී.අයි හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් සදහන් කළේය

Latest news

- Advertisement -spot_img

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here