22.6 C
Sri Lanka
Saturday, February 27, 2021

දිලීර රෝගයක් හේතුවෙන් කෙසෙල් වගාවට බලපෑම්…රෝගයෙන් වගාව ආරක්ෂා කර ගන්නට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් උපදෙස්…

මේ දිනවල කෙසෙල් වගාවේ අස්වැන්න කෙරෙහි දැඩි ලෙස බලපෑමක් එල්ල කල හැකි රෝගී තත්වයක් පිළිබදව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් කරුණු අනාවරණය කොට ඇත.

පැනමා රෝගය ලෙස හදුන්වන මෙම රෝගී තත්වය පිළිබ`දව කෙසෙල් වගාවේ නිරත වන ගොවීන් අවධනයෙන් සිටිය යුතු බව දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කර සිටී.

ෆියුසේරියම් ඔක්සිස්පෝරම් කියුබෙන්සිස් නම් රෝග කාරක දිලීරය හේතුකොට ගෙන මෙම රෝගය හටගැනේ.

මෙහි මුල්ම රෝග ලක්ෂණය වන්නේ ශාකයේ මුල් වල ඇතුළත කොටස් දුර්වර්ණ වී දුඹුරු පැහැ වීමයි.

පසුව මෙම දිලීරය මූල පද්ධතිය හරහා කෝමය තුළින් කදට ඇතුලූ වීමට පටන් ගත් විට ශාකයේ තුළින් බාහිර රෝග ලක්ෂණයන් ඉස්මතු වේ.

එම රෝග ලක්ෂණයන් ලෙස

වයස්ගත පත‍්‍ර කහ පැහැ ගැන්වී ගස දිගේ එල්ලා වැටීම සිදුවන අතර ඉහළින් පිහිටි පත‍්‍රද ක‍්‍රමයෙන් කහ පැහැ ගැන්වී ටික දිනකට පසුව නටුව ප‍්‍රදේශයෙන් කඩා වැටී ගස දිගේ එල්ලා වැටීම සිදුවේ.

ජල හිග තත්වයකදී මෙන් පත‍්‍ර වියළි ස්වභාවයක් ගනී.

දිලීර ආසාධිත ගසක කද කපා දැමු විට දුඹුරු පැහැයට හුරු කලූ පැහැයකින් එය දිස් වේ.

එමෙන්ම කෙසෙල් ගසේ කඳ පහළ කොටසින් පුපුරා යාම සිදු වන අතර එම ස්ථාන වලින් මැලියම් වැනි ද්‍රව්‍යයක් වෑස්සීම සිදුවීම රෝග ලක්ෂණයන් වේ.  

කෙසෙල් ශාකයේ වර්ධනයේ පසු අවධියකදී මෙම රෝගී තත්වය වැලදුනහොත් කෙසෙල් කැන්වල ගෙඩි බොල්වී ඇති අයුරු දක්නට ලැබේ.

මෙම රෝගය පාලනය කිරීම සදහා වගාවේ ජල වහනය දියුණු කල යුතු බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව දන්වා සිටී.

දිලීර බීජානු ජලය මගින් පැතිරීම අවම කිරීම සදහා රෝගී ශාක හා නිරෝගී පදුරු ගැඹුරු කානු කපා වෙන් කිරීම මගින්ද රෝගය පාලනය කල හැකිය.

ක්ෂේත‍්‍රයේ රෝගී පදුරු පවතී නම් හැකි ඉක්මනින් ගලවා විනාශ කිරීම සිදුකල යුතුයි.

සිටුවීම සදහා රෝපන ද්‍රව්‍ය ලබා ගැනීමේදී නිරෝගී මව් ශාක තිබෙන වගාවකින් ලබා ගැනීම සුදුසු වේ.

එමෙන්ම රෝගී වගාවක සිට පිටතට එන විට හැකි සෑම අවස්ථාවකදීම දෙපා විෂබීජ හරණය කිරීම සිදු කල යුතු බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප‍්‍රකාශ කර සිටී.

Latest news

වියළි මිරිස් ආනයනයට තිත තැබීමට කෘෂි ඇමතිගෙන් විශේෂ වැඩපිළිවෙලක්…

2023 වසර වන විට මෙරටට වියළි මිරිස් ආනයනය කිරීම සම්පූර්ණයෙන් නතර කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අවධාරණය කරයි. මේ වන...
- Advertisement -

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නවතම බෝග පුරෝකතනය නිකුත් කෙරේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් 2021-02-21 දින සිට 2021-03-05 දක්වා කාලයට අදාළ බෝග පුරෝකථනය නිකුත් කර තිබෙනවා. මෙම බෝග පුරෝකථනය අනුව...

තරගකාරීව ගොවීන්ගෙන් වී මිලට ගැනීමට කැබිනට් අනුමැතිය

වී ගොවීන්ට ඉහළ මිලක් ලැබෙන පරිදි පෞද්ගලික අංශය සමග තරගකාරී අයුරින් වී මිලට ගැනීමට රජය තීරණය කර තිබේ මේ සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ...

නව ගඩුගුඩා ප්‍රබේධ 02 ක් ගොවි දෑතට……

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හොරණ පළතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනය විසින් නව ගඩුගුඩා ප්‍රබේධ 02 ක් සොයා ගෙන තිබේ. එය නම් කර ඇත්තේ හොරණ ගඩුගුඩා 01 සහ...

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here