18.5 C
Sri Lanka
Monday, January 25, 2021

දිවයිනම ආවරණය වන පරිදි කෘෂිකාර්මික තොරතුරු පද්ධතියක්…

සියලු කෘෂිකාර්මික තොරතුරු ඇතුලත් දිවයිනම ආවරණය වන කේන්ද්‍රගත තොරතුරු කළමනාකරණ පද්ධතියක් ස්ථාපනයට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

කෘෂිකර්මාන්තයට අදාල සියළු රාජ්‍ය හා පෞද්ගලික අංශවල තොරතුරු මීට ඇතුලත් වන බව අමාත්‍යංශය සදහන් කරයි.

හම්බන්තොට හා වව්නියාව යන දිස්ත්‍රික්කවල තොරතුරු ඒකරාශී කිරීම මේ වනවිටත් අවසන් අතර දිස්ත්‍රික්ක කීපයක එම කටයුතු මේ වන විට සිදුකරමින් පවතින බව  බව අමාත්‍යංශය කියා සිටී.

මේ පිළිබදව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පූර්ණ අවධානය යොමු වී ඇති අතර වගකීම ප්‍රමුඛ කොට මෙම තොරතුරු පද්ධතිය සකස් විය යුතු බවයි අමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ.

වගාකෙරෙන ඉඩම් මොනවාද, කුමන වගාවන් ඒ ඒ කාලය තුළ සිදුවන්නේද, එක් කන්නයක දිවයින පුරා වගා කොට ඇති බෝග සහ ප්‍රමාණයන් මොනවාද, බෝග වගාකිරීමේ දී තෝරාගත යුතු ක්‍රමවේද, කෘෂි තාක්ෂණික දැනුම, වගාකිරීම් අනුව නිෂ්පාදනය, අලෙවිය, මිල, දිවයින පුරා ක්‍රියාත්මක කෘෂිකාර්මික ව්‍යාපෘති මොනවාද යන කරුණු මෙම දත්ත පද්ධතියට ඇතුලත් කෙරේ.

සියලු කෘෂිකාර්මික තොරතුරු එකම තොරතුරු පද්ධතියකින් ආවරණය කිරීම මෙම නව කේන්ද්‍රගත කෘෂිකාර්මික තොරතුරු පද්ධතිය ස්ථාපිත කිරීමේ අරමුණයි. 

ලෝකයේ බොහෝ දියුණු රටවල මේ ආකාරයේ වූ පද්ධති ක්‍රියාත්මක අතර මෙරට තුළ එවැනි අංග සම්පූර්ණ පද්ධතියක් සකස් කෙරෙන්නේ පළමු වතාවටයග

කෘෂිකර්මයට අදාල සියළු ආයතන සතුව වෙන්වෙන්ව ඇති තොරතුරු මෙම කේන්ද්‍රගත තොරතුරු පද්ධතියට එක්කොට ජාතික අවශ්‍යතාවයක් ලෙස සලකා කඩිනමින් සකස් කරන ලෙසයි අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත්තේ

එළඹෙන මාර්තු මාසය වන විට සියළු දත්ත ගබඩා කොට අවසන් කිරීමට නියමිත අතර වී වැනි ප්‍රධාන භෝග වලට සීමා නොවී එළවළු ආදී දිවයිනේ විවිධ ප්‍රදේශවල විවිධ කෘෂිකාර්මික වගාවන්වල නිරත ගොවි ජනතාව පිළිබඳ තොරතුරු ද මීට ඇතුලත් කිරීමට නියමිතව තිබේ.

දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂවරුන් ඔවුන් යටතේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවය කරන කෘෂි නිලධාරීන් කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල ගම් මට්ටමින් සිටින නිලධාරීන් සම්බන්ධ කරගෙන 100% ක් නිවැරදි යාවත්කාලීන තොරතුරු මෙම පද්ධතියට එක් කෙරෙනු ඇති.

Latest news

වී මිලදී ගැනීමේ ජාතික වැඩසටහන ඇරඹේ…

මෙවර මහකන්නයේ හෙක්ටයාර හය ලක්ෂ හැට අටදහස් හාරසියයක් දිවයින පුරා කුඹුරු වගා කොට ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. එයින්  අපේක්ෂිත වී අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂ...
- Advertisement -

මෙරට නිෂ්පාදන ආර්ථිකය නංවා ආනයන ආර්ථිකය අවසන් කිරීමට රජයෙන් සැලසුම්…

මෙරට නිෂ්පාදන ආර්ථිකය සංවර්ධනය කර ආනයන ආර්ථිකය මුළුමනින්ම නතර කිරීම රජයේ අරමුණ බව කෘෂිකර්ම අමාත්‍ය මහ්නදානන්ද අලුත්ගමගේ මහතා අවධාරණය කළේය. පසුගිය දා බතලගොඩ වී පර්යේෂණ...

කෘෂිකර්ම නිලධාරීන්ට පුහුණු වැඩමුළු මාලාවක්…

දිවයින පුරා විසිරී සිටින කෘෂිකර්ම නිලධාරීන් දැනුමෙන් හා තාක්ෂණයෙන් සන්නද්ධ කිරීම අරමුණු කර ගනිමින් දීප ව්‍යාප්ත පුහුණු වැඩමුලු මාලාවක් පසුගිය දා ආරම්භ කෙරිණි. ඒ කෘෂිකර්ම...

වයඹ පළාතට අඹ ගම්මානයක්

වයඹ පළාතේ ගොවි ජනතාවගේ ආර්ථික ශක්තිය වැඩිදියුණු කිරීමේ අරමුණ පෙරදැරි කර ගනිමින් වන්නි ඉහළගම කෘෂිකර්ම උපදේශක කොටඨාසය තුළ අඹ ගම්මානයක් ස්ථාපිත කෙරේ. ගල්ගමුව සහකාර කෘෂිකර්ම...

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here