වී වගාවේ බිම් සකස් කිරීමේ සිට ගබඩාකරණය දක්වා වන නිවැරදි ක්‍රියාවලිය පිළිබදව ගොවීන් දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහන් සදහා දිවයිනේ සිටින ඕනෑම ගොවි සංවිධානයකට අයදුම් කළ හැකි බව බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකා අමිතා බෙන්තොට මහත්මිය පැවසුවාය.
කෘෂි එෆ් එම් කළ විමසීමකදී ඇය සදහන් කළේ ප්‍රදේශයේ අදාළ ව්‍යාප්ති සේවය හරහා අයදුම්කිරීම සිදු කළ හැකි බවය.
මෙම පුහුණු වැඩසටහන් යටතේ එක් දින, දෙදින ,තෙදින හා එක් සතිය ලෙස පුහුණු වැඩසටහන් පැවැත්වේ.
මෙහිදී ගොවීන්ට ක්ෂේත්‍රගතව ප්‍රායෝගික පුහුණුව ලබා දෙන අතර, ඔවුන්ගේ දැනුම යාවත්කාලීන කිරීමට කටයුතු කෙරේ.
එමෙන්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම උපදේශකවරුන් , ක්ෂේත්‍ර නිලධාරීන් හා මහවැලි අධිකාරියේ නිලධාරීන් ද මෙම පුහුණු වැඩසටහන්වලට සම්බන්ධ කර ගනිමින් දිවයින පුරා මෙම දැනුම බෙදා හැරීමට කටයුතු කරන බව අමිතා බෙන්තොට මහත්මිය සදහන් කළාය.
මේ පිළිබද වැඩිදුර තොරතුරු 037- 2258562 යන දුරකතන අංකයෙන් හෝ අධ්යක්ෂ, වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය, බතලගොඩ , ඉබ්බාගමුව යන ලිපිනයෙන් ද දැනගත හැකි වේ.