24.1 C
Sri Lanka
Thursday, January 21, 2021

දුඹුරු පැළ කීඩෑවාට එරෙහිව කෘෂීකර්ම දෙපාර්තමේන්තුවෙන් තවදුරටත් මෙහෙයුම්

මෙරට වී වගාවට ප්‍රබලව බලපෑම් එල්ල කර ඇති දුඹුරු පැළ කීඩෑ උවදුර මේවන විට ගාල්ල මාතර, කලුතර,අනුරාධපුර සහ පොළොන්නරුව යන ප්‍රදේශවලට ද පැතිර ඇති බව බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය අවධාරණය කරයි.

පසුගිය කාලය තුළ වයඹ හා බස්නාහිර පළාත්වල ප්‍රදේශ රැසක සහ අම්පාර දිස්ත්‍රික්කයේ වී වගා බිම් රැසක දුඹුරු පැළ කීඩෑ උවදුර පැතිරිණි.

මේ වන විට වී වගා ප්‍රදේශවලට බලපෑ ඇති කඩින් කඩ වැසි සහිත ස්වභාවය මෙම කෘමියාගේ පැතිරීමට ඉවහල් වී ඇති බව මේ පිළිබද පර්යේෂණ සිදු කරන බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ එස්.ආර්.සරත්චන්ද්‍ර මහතා සදහන් කළේය.

මෙය සීඝ්‍රයෙන් පැතිරෙන බැවින් වී වගා ගොවීන් නියමිත කාළය එළඹෙන තුරු නොසිට තම අස්වැන්න නෙලා ගැනීම සුදුසු බව ඒ මහතා පෙන්වා දුන්නේය.

වැසි සහිත කළගුණ තත්ත්වයත් සමග ඇද වැටෙන ගොයම් ගස් දිරාපත් කිරීමට දුඹුරු පැළ කීඩෑ හානිය හේතුවන බව ඒ මහතා සදචහන් කළේය.

එබැවින් මේ පිළිබදව දැඩි අවධානයක් යොමු කර තම වගාව බේරා ගැනීමට වී වගා ගොවීන් ක්‍රියාත්මක විය යුතු බව සරත්චන්ද්‍ර මහතා සදහන් කළේය.

දුඹුරු පැළ කීඩෑ හානිය දිස්වන ප්‍රධාන ලක්ෂණය වන්නේ , ගොයම් ගස කහ පැහැයට ලක්වීමයි.

එසේ වන්නේ දුඹුරු පැළ කීඩෑවා ගොයම් ගසේ පත්‍ර නාරටියේ හා පත්‍ර කොපුවේ වරකට බිත්තර 300 ක් පමණ දමා පසුව එයින් බිහිවන සුහුඹුලන් ගොයම් ගසේ කදේ යුෂ උරා බීමෙනි.

මෙම තත්ත්වය මුල් අවදියේම හදුනාගෙන සුදුසු ප්‍රතිකාර කිරීමෙන් මෙම කීඩෑ හානිය වළක්වා ගත හැකි බව සරත්චන්ද්‍ර මහතා වැඩිදුරටත් සදහන් කළේය.

(වැඩිදුර තොරතුරු සදහා සීඝ්‍රයෙන් පැතිරෙන දුඹුරු පැළ කීඩෑ උවදුර මැඩලන්න කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් උපදෙස් ප්‍රවෘත්තිය කියවන්න)

Latest news

වී මිලදී ගැනීමේ ජාතික වැඩසටහන ඇරඹේ…

මෙවර මහකන්නයේ හෙක්ටයාර හය ලක්ෂ හැට අටදහස් හාරසියයක් දිවයින පුරා කුඹුරු වගා කොට ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. එයින්  අපේක්ෂිත වී අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂ...
- Advertisement -

මෙරට නිෂ්පාදන ආර්ථිකය නංවා ආනයන ආර්ථිකය අවසන් කිරීමට රජයෙන් සැලසුම්…

මෙරට නිෂ්පාදන ආර්ථිකය සංවර්ධනය කර ආනයන ආර්ථිකය මුළුමනින්ම නතර කිරීම රජයේ අරමුණ බව කෘෂිකර්ම අමාත්‍ය මහ්නදානන්ද අලුත්ගමගේ මහතා අවධාරණය කළේය. පසුගිය දා බතලගොඩ වී පර්යේෂණ...

කෘෂිකර්ම නිලධාරීන්ට පුහුණු වැඩමුළු මාලාවක්…

දිවයින පුරා විසිරී සිටින කෘෂිකර්ම නිලධාරීන් දැනුමෙන් හා තාක්ෂණයෙන් සන්නද්ධ කිරීම අරමුණු කර ගනිමින් දීප ව්‍යාප්ත පුහුණු වැඩමුලු මාලාවක් පසුගිය දා ආරම්භ කෙරිණි. ඒ කෘෂිකර්ම...

වයඹ පළාතට අඹ ගම්මානයක්

වයඹ පළාතේ ගොවි ජනතාවගේ ආර්ථික ශක්තිය වැඩිදියුණු කිරීමේ අරමුණ පෙරදැරි කර ගනිමින් වන්නි ඉහළගම කෘෂිකර්ම උපදේශක කොටඨාසය තුළ අඹ ගම්මානයක් ස්ථාපිත කෙරේ. ගල්ගමුව සහකාර කෘෂිකර්ම...

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here